විදුලියේ ප්‍රභේද - ප්‍රත්‍යාවර්ථ ධාරාව (AC)

සුභ දවසක් වේවා..!

කොහොමද  ඉතින් කට්ටියට, කලින් ලිපියෙන් මම  'සරල ධාරාව'  ගැන කරුණු වගයක් ඕගොල්ලන්ට කිව්වනේ. ඒ හින්දා අද මම කතා කරන්න යන්නෙ 'ප්‍රත්‍යාවර්ත ධාරාව' නැතිනම් ගෘහස්ත විදුලිය ගැනයි. දැන් අපි ඒ ගැනත් කතා කරමුකෝ..




ප්‍රත්‍යාවර්ථ ධාරාව (Alternating Current)


'ප්‍රත්‍යාවර්ථ ධාරාව' කියලා කියන්නේ විදුලිය ගමන් කරන දිශාව මාරු කරමින් ගලායන විදුලි ප්‍රභේදයකටයි. ඒකියන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාව තුලදි (+)ධන හා (-)ඍණ යන ආරෝපණයන් ගමන් කරන දිශා මාරුවෙමින් ගමන්කිරීම සිදුවන බවයි. අන්න ඒනිසයි අපි ප්‍රත්‍යාවර්ථ ධාරාව කියලා මේ ධාරා විශේෂය හදුන්වන්නේ, ඒමොකද කියනවනම් 'ප්‍රත්‍යාවර්ථ' කියන එකේ තේරුම ඉතින් දෙපසට චලනය වෙනවා කියන එකනේ.
ප්‍රත්‍යාවර්ථ ධාරාව අපි ඉංග්‍රීසියෙන් Alternating Current කියලා හදුන්වනවා, ඒක අපි භාවිතයේ පහසුව තකා 'AC' ‍යන කෙටි නාමයෙන් හදුන්වනවා.

ප්‍රත්‍යාවර්ත ධාරාව තුල (+) හා(-) භේදයක් නෑ කියලා ඕගොල්ලෝ අහලත් ඇති. මොකද ප්‍රත්‍යාවර්ත ධාරාව තුල ඒ ආරෝපණ දෙවර්ගයම මිශ්‍ර වෙලානේ තියෙන්නේ. ඉතින් ඒනිසා ප්‍රත්‍යාවර්ථ ධාරාව ගෙනියන රැහැන් අපි, සරල ධාරාව ගෙනියන රැහැන් (+) හා (-) වශයෙන් නම් කරනවා වගේ නම්කරන්නේ නෑ. ඒනිසා අපි ප්‍රත්‍යාවර්ථ ධාරාව ගෙනියන රැහැන් වර්ග දෙක සජීව(Live) හා උදාසීන(Neutral) වශයෙන් තමා නම් කරන්නේ.

හරි දැන් අපි බලමු ප්‍රත්‍යාවර්ත ධාරාවක් දෝලනේක්ෂයක් ආධාරයෙන් බැලුවම ඒකේ තරංගමය ස්වරූපය පේන්නෙ කොහොමද කියලා.
මේ ප්‍රස්තාරය දිහා බැලුවම ඕගොල්ලන්ට පේනවා ඇති මේකේ තියෙන ප්‍රත්‍යාවර්ථ ධාරා තරංගය ඉහල පහල යමින් 'සයිනාකාර' හැඩයකින් යුතුව ගමන් කරන බව. ඉතින් ඒක එහෙම වෙන්නෙ ප්‍රත්‍යාවර්ථ ධාරාව (+),(-) දිශා මාරුකරමින් ගලායන නිසයි. ඒවගේම ඕගොල්ලන්ට මතක ඇති මං  කලින් ලිපියේ  කිවුව සරල ධාරාවේ තරංගය ස්වරූපයේදි ඒක තනි සරල රේඛාවක් වගේ තිබුනු බව. ඒක එහෙම වුනේ සරල ධාරාව (+),(-) දිශා මාරුකරමින් ගමන් නොකරන නිසයි.

ප්‍රත්‍යාවර්ථ ධාරාවත්, සරල ධාරාවත් අතර සංසන්දනය


හරි දැන් අපි එහෙනම් ප්‍රත්‍යාවර්ථ ධාරාවත්, සරල ධාරාවත් පොඩ්ඩක් සංසන්දනය කරලා බලමුකෝ. ඊට  කලින් කට්ටිය පහල තියෙන පින්තූරය බලලා ඉන්නකෝ.
මේ තියෙන රූපයේ රතු පැහැ රේඛාවෙන් නිරූපණය වන්නෙ 'සරල ධාරා විදුලිය' වන අතර, එහි වෝල්ට් අගය (විභව අන්තරය) +60V පමන වේ. එවගේම මෙහි ඇති කොල පැහැ රේඛාවෙන් නිරූපණය වන්නේ 'ප්‍රත්‍යාවර්ථ ධාරා' විදුලිය වන අතර, එහි වෝල්ට් අගය +120V සිට -120V දක්වා අගයන් අතර විචලනය වෙමින් පවති.
ඉතින් මේ රූපයේ පරිදි +60V ක පමණ විභව අන්තරයකින් යුක්ත 'සරල ධාරාව' කිසිදු වෙනස්වීමකට භාජනය නොවී කාලයත් සමඟ ඉදිරියට ගමන් කරන අයුරු ඕගොල්ලන්ට දැකගන්න පුලුවන්නෙ. නමුත් +120V ක පමණ උපරිම අගයක් සහිත 'ප්‍රත්‍යාවර්ථ ධාරාව' විටෙක ශූන්‍ය අගයටද (0V), තවත් විටෙක -120V පමණ වන අවමයකටද පත්වෙවී කාලයත් සමග විචලනය වෙමින් ඉදිරියට ගමන් කරන අයුරුද ඔබට දැකගන්න පුලුවන්.
ඉතින් මේ සංසන්දනය තුලින් අපිට කියන්න පුලුවන් වෙනවා. සරල ධාරාව නිශ්චිත ධන විභව අන්තර (වෝල්ට්) අගයකින් යුතුව කාලයත් සමග ඉදිරියට ගමන්කරන අතර, ප්‍රත්‍යාවර්ථ ධාරාවේ විභව අන්තරය ධන,ඍණ අගයන්ට හා ශූන්‍ය අගයටද පත්වෙමින් කාලයත් සමඟ ඉදිරියට ගමන් කරන බව.

ඉතින් මේ සරල ධාරාව හා ප්‍රත්‍යාවර්ථ ධාරාව සංසන්දනය කිරීම තුලින් මම කියන්න බලාපොරොත්තු වුනේ මේ ධාරා ප්‍රභේද දෙක තුල තිබෙන්නාවු වෙනස්කම් පිලිබදව ඕගොල්ලන්ව දැනුවත් කරන්නයි. ඉතින් මං හිතනවා එක සිද්ධවුනා කියලා
.
හරි දැන් අපි බලමු ප්‍රත්‍යාවර්ථ ධාරාව නිරූපණය කරන්න පාවිච්චි කරන පරිපථ සංකේතය මොන වගේද කියලා.
ප්‍රත්‍යාවර්ථ ධාරාව නිරූපණය කරන පරිපථ සංකේතය
මේ සංකේතය තුලින් දැක්වෙන්නෙ සයිනාකාර හැඩයකි. ඒතුලින්  ප්‍රත්‍යාවර්ථ ධාරාවේ විභව අන්තරය (+) සිට (-) දක්වා විචලනය වෙමින් ධාරාව ගමන් කරන බව හා, එහි ඇති ධාරාව ගලන දිශාවේ ඇතිවන වෙනස්වීමේ ස්වභාවය සංකේතවත් කෙරේ. නමුත් මෙහි ධන හා ඍණ අග්‍ර පිලිබදව අදහසක් දක්නට නොලැබේ. මොකද ප්‍රත්‍යාවර්ථ ධාරාව තුල (+) හා(-) යන ආරෝපණ දෙවර්ගයම මිශ්‍රවී පවතින නිසා මෙහි ධන,ඍණ භේදයක් ඇති නොවේ.

ප්‍රත්‍යාවර්ථ ධාරා විද්‍යුත් ප්‍රභවයන්

ප්‍රත්‍යාවර්ථ ධාරා ප්‍රභවයක් කියලා කියන්නෙ, ප්‍රත්‍යාවර්ථ ධාරා විදුලියක් නිකුත්කරන විද්යුත් ප්‍රභවයන් වලටයි. මේසදහා අපිට බයිසිකල් ඩයිනමෝ වගේ විද්යුත් ජනක යන්ත්‍ර වර්ග දක්වන්න පුළුවන්. ඒවගේම අපේ ගෙවල් වලට ලැබෙන විදුලියද අයත් වෙන්නෙ ප්‍රත්‍යාවර්ථ ධාරා විදුලි වර්ගයටයි. තවද අපිට සරල ධාරාව AC පරිවර්ථකයක් (AC Inverter) ආධාරයෙන් ප්‍රත්‍යාවර්ථ ධාරාව බවට හැරවීම තුලින්ද අපට ප්‍රත්‍යාවර්ථ ධාරාව ලබාගන්න පුලුවන් වෙනවා.
ප්‍රත්‍යාවර්ථ ධාරා බල සැපයුමක් හෝ ප්‍රභවයක් නිරූපණය කිරීමට යොදන පරිපථ සංකේතය
අදනම් Post එක ටිකක් දිග වැඩිවෙන්න වගේ යන්නේ ඒනිසා මේකේ ඊලඟ කොටස මං ඊලග Post එකෙන් දාන්නම්කෝ....


හරි එහෙනම් අද පාඩම අවසන් කරන්නයි යන්නේ. අද මම කතා කලේ,

  1. ප්‍රත්‍යාවර්ථ ධාරාව
  2. ප්‍රත්‍යාවර්ථ ධාරාව හා සරල ධාරාව සංසන්දනය කිරීම
  3. ප්‍රත්‍යාවර්ථ ධාරා විද්‍යුත් ප්‍රභවයන්
යන කරුණු පිලිබදවයි. මේගැන ඔබේ අදහස්, යෝජනා, චෝදනා, Comment එකක් තුලින් ඉදිරිපත් කර මාව දිරිමත් කරන්න.

           තවත් ලිපියකින් නැවත හමුවෙමු....
Previous
Next Post »

6 comments

Click here for comments
Ajith Kumara
admin
September 27, 2014 at 9:50 PM ×

බ්ලොග් එක අපේ බ්ලොග් දර්ශකයටත් ඇතුල් කරන්න. මෙන්න ලින්ක් එක අපේ දර්ශකයට.

http://blogdharshakaya.blogspot.com/

Reply
avatar
Anonymous
admin
October 18, 2014 at 7:04 AM ×

Ela post ekak machn...

Reply
avatar
December 27, 2014 at 9:16 AM ×

@Ajith kumara,
ස්තූතියි ආරාධනාවට..

Reply
avatar
February 19, 2016 at 11:09 AM ×

@Shakthi lahiru
Thankz macho oyage comment ekata...

Reply
avatar
Related Posts Plugin for WordPress, Blogger...