GuidePedia

10

කොහොමද ඉතින් යාළුවනේ...!

කලින් ලිපිවලින් මම  ධාරාව  සහ  වෝල්ටීයතාවය  කියන රාශීන් ගැන තොරතුරු ටිකක් ඕගොල්ලන්ට අරගෙන ආවනේ. ඉතින් ඒක නිසා අද මං කතාකරන්න යන්නේ "විද්‍යුත් ප්‍රතිරෝධය" කියන රාශිය පිළිබදවයි. දැන් අපි ඒගැන කතාකරමු...




ප්‍රතිරෝධය (Resistance)


'ප්‍රතිරෝධය' කියන වචනය තුලින් කියවෙන්නේ මොකක් හරි දෙයකට බාධා ඇතිකරනවා, නැත්නම් විරෝධයක් දක්වනවා වගේ අදහසක්නේ.
ඉතින් ඒවගේ 'විද්‍යුත් ප්‍රතිරෝධය"' කියන එකෙනුත් අදහස් කරන්නේ, "විදුලිය ගලායාම සදහා ඇතිකරන බාධාව" කියන එකයි. ඉතින් අපි මේක තව ටිකක් සරලව කතා කරනවනම්..,
අපි හිතමු සාමාන්‍ය වතුර බටයක් තුලින් පහසුවෙන් වතුර ගලායනවා කියලා. එතකොට ඒ වතුර පහසුවෙන් ගලායන්නේ, බටයෙන් ඇතිකරන ප්‍රතිරෝධය අඩු නිසානේ.
නමුත් අපි ඒ බටයේ මැද්දෙන් ඇතුලට නෙරුමක් ඇතිවන ආකාරයට සකස්කලොත්. ඒ බටයේ නෙරුම ඇති තැනින් වතුර ගලායාම අඩුවෙනවනේ. මොකද ඒ නෙරුම ඇති තැනින් වතුර ගලායාමට බාධාවක් ඇතිවෙනවනේ.

ඉතින් ඒවගේ අපි සාමාන්‍ය වයර් එකක් දිගේ විදුලි ධාරාවක් යැවීමේදී, විදුලිය පහසුවෙන් එම වයරය හරහා යනවා. මොකද අපි වයර් වගේ දේවල් හදන්න යොදාගන්නේ අඩු විද්‍යුත් ප්‍රතිරෝධයක් ඇති සන්නායක ද්‍රව්‍ය වර්ගනේ. ඉතින් ඒනිසා එම වයර් එකේ ඇති ප්‍රතිරෝධයත් අඩුයි.
නමුත් අපි ඒ වයර් එක මැද්දට ප්‍රතිරෝධකයක්(Resistors) යොදා වැඩි ප්‍රතිරෝධයක් දුන්විට, එම වයර් එක තුලින් පෙර පරිදි පහසුවෙන් විදුලිය ගලායන්නේ නෑ. 
මොකද අපි ඒ වයර් මැද්දට දැමූ ප්‍රතිරෝධකය නිසා එතැන වැඩි ප්‍රතිරෝධයක් ඇතිවෙනවා ඒනිසා විදුලිය ගලායාමට එය බාධාවක් වනවා. එනිසා ඒ වයර් එකෙන් පහසුවෙන් විදුලිය ගලායාමක් සිද්දවෙන්නේ නෑ. ඉතින් ඒවිදියට විදුලිය ගලායාමට බාධා ඇතිකිරීමට තමා අපි කියන්නේ, "විද්‍යුත් ප්‍රතිරෝධය" කියලා.

ඉතින් මං දැන් හිතනවා විද්‍යුත් ප්‍රතිරෝධය ගැන කිව්ව දේවල් ඕගොල්ලන්ට තේරෙන්න ඇති කියලා. ඒක නිසා දැන් අපි බලමු සරලව 'ප්‍රතිරෝධක' (Resistor) කියන්නේ මොනවද කියලා.. 


ප්‍රතිරෝධක (Resistors)

ප්‍රතිරෝධක (Resistors)
මං කලින් ඕගොල්ලන්ට කිව්වනේ විද්‍යූත් ප්‍රතිරෝධය කියලා කියන්නේ 'විදුලිය ගලායාමට ඇතිකරන බාධාවටයි' කියලා. ඉතින් ඒවිදියට විදුලිය ගලායාමට බාධා ඇතිකරන, වැඩි ප්‍රතිරෝධයක් සහිත ද්‍රව්‍ය එකතු කරලා සම්මත ප්‍රමිතියකට සැකසු උපාංග වලට තමා අපි මේ "ප්‍රතිරෝධක" කියලා කියන්නේ.
වර්ථමානයේ ප්‍රතිරෝධක විවිධ හැඩවලින් සහ විවිධ ප්‍රමාණවලින් අපිට දැකගන්න පුළුවන්. එවගේම යම් පරිපථයක් ගත්තොත් ඒකේ වැඩිපුරම අපිට දකින්න ලැබෙන්නෙත් ප්‍රතිරෝධකම තමා, මොකද සාමාන්යෙන් පරිපථයකින් අපි කරන්නේ විද්‍යුත් ධාරාව හැසිරවීමක්නේ. ඉතින් ඒකට අපිට ප්‍රතිරෝධක අත්‍යවශ්‍ය වෙනවා. ඒකයි පරිපථයක අඩුම තරමේ එක ප්‍රතිරෝධකයක්වත් දකින්න තියෙන්නේ.

ඉතින් ඇයි? අපිට ප්‍රතිරෝධක අවශ්‍ය වෙන්නේ.., 


අපි හිතමු 12V බැටරියකින් 3V බල්බ් එකක් පත්තුකරන්න ඕනේ කියලා. ඉතින් අපි ඒකට කෙලින්ම 12V වලට 3V බල්බ් එක සම්බන්ධ කලොත් බල්බ් එක පිච්චෙනවනේ. ඉතින් ඒනිසා අපිට 12V විදුලියෙන් 3V බල්බ් එකක් පත්තුකිරීම සදහා ප්‍රතිරෝධකයක් අවශ්‍ය වෙනවා. 
ඉතින් ඒවගේම තව බොහොමයක් කටයුතු සදහා අපිට මේ 'ප්‍රතිරෝධක' ප්‍රයෝජනවත් වෙනවා.....

ඉතින් දැන් මං වැඩිය 'ප්‍රතිරෝධක' ගැන කතාකරන්න යන්නේ නෑ. ඒ ගැන මං වෙන ලිපියකින් දීර්ඝව කතාකරන්නම්. ඒනිසා දැන් අපි ප්‍රතිරෝධය මැනීම සදහා භාවිතා කරන සම්මත සංකේතය වන "ඕම්"() ගැන පොඩ්ඩක් කතාකරමු..

   ඕම් ()   


'විද්‍යූත් ප්‍රතිරෝධය' කියන රාශිය මැනීම සදහා අපි භාවිතා කරන සම්මත ඒකකය තමා අපි මේ "ඕම්" කියලා හදුන්වන්නේ. ඉතින් මේ 'ඕම්' කියන ඒකකය සංකේතවත් කිරීම සදහා අපි ග්‍රීක අක්ෂර මාලාවේ අකුරක් වන "ඔමේගා" () කියන අක්ෂරය භාවිතා කරනවා.
ජෝර්ජ් සයිමන් ඕම්
එවගේම මේ ප්‍රතිරෝධය මනින සම්මත ඒකකය 'ඕම්' යන නාමයෙන් හදුන්වනු ලැබුවේ 'වෝල්ටීයතාවත්, විද්‍යුත් ධාරාවත් හා විද්‍යුත් ප්‍රතිරෝධයත්' අතර ඇති සම්බන්ධතාව ලොවට ඉදිරිපත් කල "ජෝර්ජ් සයිමන් ඕම්" නමැති විද්‍යාඟදයාට ගරු කිරීමක් ලෙසයි. එවගේම ඔහු විසින් සොයාගත් මෙම විද්‍යුතය හා සම්බන්ධ නියමය අපි "ඕම් නියමය" ලෙසින් හදුන්වනවා.

ඉතින් අපි මේ ඕම් එකක්(1) කියලා කියන්නේ, "යම් සන්නායකයක් තුලින් ඇම්පියර් 1ක(1A) ධාරාවක් ගලායාමට, වෝල්ට් 1ක (1V) වෝල්ටීයතාවක් ලබාදුන් විට එම සන්නායකයෙ ඇති ප්‍රතිරෝධ ප්‍රමාණයටයි." එතකොට එම අවස්ථාවේ එම සන්නායකයේ තිබූ ප්‍රතිරෝධ ප්‍රමාණය තමා අපි ඕම් 1ක් (1) කියලා කියන්නේ.

දැන් ඉතින් ඕගොල්ලන්ට ඕම් 1ක් කියන්නේ කොච්චර ප්‍රමාණයක්ද කියලා දළ අදහසක් ඇතිනේ. ඒ වුනාට විද්‍යුත් ප්‍රතිරෝධය මැනීමට සම්මත ඒකකය වන 'ඕම්' පාවිච්චි කලාට, සෑම විද්‍යූත් ප්‍රතිරෝධ ප්‍රමාණයක්ම ඕම් කියන ඒකකයෙන්ම මනින්න බෑ. මොකද ඒක ප්‍රායෝගික නෑනේ. ඒනිසා අපි මෙම සම්මත ඒකකයේ උප ඒකක ඒසදහා යොදාගන්නවා. ඉතින් ඒ උප ඒකක අතර සම්බන්ධතා මං පහතින් දක්වන්නම්..
1GΩ=1000M
1MΩ=1000k
1kΩ=1000
     1Ω=1000m

දැන් ඉතින් ඕම් කියන ඒකකය ගැන යම් දැනුමක් ලැබෙන්න ඇතිනේ. ඒක නිසා අපි දැන් "ඕම් නියමය" ගැන පොඩ්ඩක් කතාකරමු..


 ඕම් නියමය (Ohm's Law) 

මං දැන් ටිකකට 'සයිමන් ඕම්' කියලා විද්‍යාඟදයෙක් ගැන කිවුවනේ. ඉතින් මොහු විසින් විද්‍යුත් ප්‍රතිරෝධය පිළිබදව ලොවට ඉදිරිපත් කරපු සංකල්පය තමා අපි මේ "ඕම් නියමය" කියලා හදුන්වන්නේ.

ඉතින් මොහු විසින් ඉදිරිපත් කල මෙම නියමයෙන් කියවෙන්නේ "සන්නායකයක උෂ්ණත්වය ඇතුලු හා අනෙකුත් භෞතික සාධක නියත වන විට එම සන්නායකය තුලින් ගලන ධාරාව, එහි දෙකෙලවර විභව අන්තරයට අනුලෝමව සමානුපාත වේ." යනුවෙනුයි..

ඉතින් මෙම සම්බන්ධතාවය නිරූපණය කිරීමට ඔහු විසින් ඉදිරිපත් කල ගණිතමය සමීකරණය වන්නේ,
V=IR යන සමීකරණයයි.

මෙහි,    V මගින් 'වෝල්ටීයතාවත්'
             I මගින් 'ධාරාවත්'
             R මගින් 'ප්‍රතිරෝධයත්' සංකේතවත් කරනවා..

ඉතින් මේ V=IR සමීකරණය ප්‍රධාන ආකාර 3කට භාවිතා වෙනවා. ඒවා තමයි.,
යන සමීකරණයි. ඉතින් මේ සමීකරණ තුලින් වෝල්ටීයතාව, ධාරාව, ප්‍රතිරෝධය යන රාශින් අතර අපිට පහසුවෙන් ගණනය කිරීම් සිදුකරගන්න පුළුවන් වෙනවා.
ඉතින් මේ සමීකරණ වලින් සරලව ගණනය කිරීම් කරන්නේ කොහොමද කියලා මං  ඊලඟ ලිපියෙන්  ඕගොල්ලන්ට කියන්නම්කෝ..

එහෙනම් ඉතින් අද පාඩම ඉවරයි. අද මං විද්‍යුත් ප්‍රතිරෝධය, ඕම් නියමය වැනි මාතෘකා පිළිබදව ඕගොල්ලන්ට තොරතුරු ගෙන ආවා.

ඉතින් මේගැන ඕගොල්ලන්ගේ අදහස්, යෝජනා, චෝදනා Comment එකකින් දක්වලා මාව දිරිගන්වන්නකෝ.. එහෙනම්...,

     තවත් ලිපියකින් නැවත හමුවෙමු..!

Post a Comment

  1. Replies
    1. @Sarath kumara,
      ස්තූතියි මචන් ප්‍රතිචාරයක් දක්වා මාව දිරිමත් කලාට....

      Delete
  2. හැම ලිපියක්ම කියෙව්වා.මුලික දේවල් ගැන ගොඩක් දේවල් දැන ගත්තා.හොදට කරගෙන යනවා.ඉදිරියට එන එවත් කියවන්න ගොඩක් අසාවෙන් ඉන්නේ.නියමයි.කරගෙන යමු.ජය වේවා.....!

    ReplyDelete
  3. @lmssuranga, අනිවාර්යෙන්ම ඉදිරියේදි ඒ ගැනත් Post දානවා....

    ReplyDelete
    Replies
    1. Ela ela machan digatama post danna

      Delete
    2. 230v 12v kara ganna widiyak kiyanawada

      Delete
    3. 12V Transformer එකක් පාවිච්චි කරලා Power supply. එකක් හදාගන්න.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...
 
Top