වෝල්ට් (V), සහ ඇම්පියර් (A) පිළිබදව විමසා බලමු..

14

සුභ දවසක් වේවා කට්ටියටම..!

ඉතින් කලින් ලිපි වලින් මම ධාරාව සහ වෝල්ටීයතාවය කියන රාශින් ගැන තොරතුරු බිදක් ගෙන ආවනේ, ඒක හින්දා අද මං කතා කරන්න යන්නේ ඒ රාශින් මැනීමට මැනීමට අපි භාවිතා කරන සම්මත ඒකක පිළිබදවයි. ඉතින් මුලින්ම අපි වෝල්ටීයතාව මැනීමට භාවිතා කරන 'වෝල්ට්' (V) කියන ඒකකය ගැන කතා කරමූ..

වෝල්ට් (V)

'වෝල්ටීයතාව' නැත්නම් විද්‍යුත් පීඩන වෙනස,විභව අන්තරය ආදි නම් වලින් හදුන්වනු ලබන රාශිය මැනීම සදහා අපි භාවිතා කරන සම්මත ඒකකය තමා මේ 'වෝල්ට්' කියලා කියන්නේ. ඉතින් ඒක සංකේතවත් කරන්න අපි කැපිටල් වී (V) අකුර භාවිතා කරනවා.
ඇලෙක්ස්‍රැන්ඩර් වෝල්ටා
ඉතින් මේ වෝල්ටීයතාව මැනීම සදහා සම්මත ඒකකය ලෙස 'වෝල්ට්' යන ඒකකය යොදනු ලැබුවේ, සරල කෝෂය නිපදවූ "ඇලෙක්ස්‍රැන්ඩර් වෝල්ටා" නම් විද්‍යාඟදයාට ගෞරවයක් ලෙසයි.

සාමාන්යයෙන් වෝල්ට් එකක් (1V) කියලා කියන්නේ "සන්නායකයක එක් ස්ථානයක සිට තවත් ස්‍ථානයකට කූලෝමයක(1C) ආරෝපණයක් ගලායාමේදි, එහිදි ජූලයක කාර්යයක් සිද්ධවෙනවනම්. එම ස්ථාන දෙක අතර තිබෙන විභව අන්තර නැතිනම් වෝල්ටීයතා ප්‍රමාණයටයි."
ඉතින් දැන් අපි වෝල්ට් ගැන දැනගත්තනේ, දැන් අපි "වෝල්ට්මීටරය" ගැන කතාකරමු.

වෝල්ට් මීටරය (Voltmeter)

සන්නායකයක ස්ථාන දෙකක් අතර ඇති විභව අන්තර ප්‍රමාණය (වෝල්ටීයතාවය) මැනීම සදහා භාවිතා කරන උපකරණය අපි 'වෝල්ට් මීටරය' කියලා හදුන්වනවා.
වෝල්ට් මීටරය
මෙමගින් අපිට යම් පරිපථයක ඇති වෝල්ටීයතා වෙනස මැනීමට අවශ්‍ය නම් අපි 'වෝල්ට්මීටරය' එම පරිපථයට සමාන්තරගතව සම්බන්ධ කිරීම තුලින්, එම පරිපථයේ ඇති වෝල්ටීයතා වෙනස මැනගැනීමට පුළුවන්.
වෝල්ට් මීටරයක් පරිපථයකට සම්බන්ධ කරන අයුරු
ඉතින් මේ විදියට වෝල්ටීයතාව මැනීමට අපි සම්මත ඒකකය විදියට 'වෝල්ට්' (V) කියන ඒකකය භාවිතා කලත්, සෑම විභව අන්තරයක්ම වෝල්ට් වලින් මනින්න අමාරුයි. මොකද වෝල්ට් එකකට (1V) වඩා කුඩා ප්‍රමාණයේ විභව අන්තර සහ විශාල ප්‍රමාණයේ විභව අන්තර ප්‍රමාණ තියෙනවනේ. ඉතින් ඒක නිසා අපිට වෝල්ට් කියන සම්මත ඒකකයේ 'උප ඒකක' අවශ්‍ය වෙනවා. ඉතින් ඒ උප ඒකක අතර තියෙන සම්බන්ධතා මං පහලින් දක්වන්නම්..

1MV=1000kV
1kV=1000V
    1V=1000mV
1mV=1000µV

ඇම්පියර් (A) 

විද්‍යුත් ධාරාව නැතිනම් 'විද්‍යුත් ආරෝපණ ගලායාමේ ශීඝ්‍රතාවය' කියන රාශිය මැනීමට භාවිතා කරන සම්මත ඒකකය තමා අපි 'ඇම්පියර්' කියලා කියන්නේ. ඇම්පියර් සංකේතවත් කිරීමට අපි  ඉංග්‍රිසී හෝඩියේ කැපිටල් 'A' අකුර භාවිතා කරනවා.
ඉතින් මේ විද්‍යුත් ධාරාව මනින ඒකකය 'ඇම්පියර්' කියලා නම් කරන්න හේතුව වුනේ, විද්‍යූත් ධාරාව පිළිබදව පරික්ෂණ සිදුකල "ඇන්ඩ්‍රි මාරි ඇම්පියර්" නම් විද්‍යාඟදයාව සිහිවීම සදහායි.

ඉතින් අපි මේ ඇම්පියර් එකක (1A) ධාරාවක් කියලා කියන්නේ, "සන්නායකයක හරස්කඩක් හරහා තත්පරයකදි කූලෝමයක පමණ ආරෝපණ ප්‍රමාණයක් ගලායාමටයි." එතකොට එම සන්නායකයේ ඒවෙලාවට ගලන විද්‍යුත් ධාරා ප්‍රමාණය තමා අපි ඇම්පියර් එකක් (1A) කියලා කියන්නේ. 
හරි දැන් අපි ඇම්පියර් ගැන දැනගත්තනේ, ඒක නිසා දැන් අපි "ඇමීටරය" ගැන කතා කරමු.

ඇමීටරය (Ammeter)

ඉතින් මේ විදියට සන්නායකයක් හරහා ගලන ධාරා ප්‍රමාණය මැනීම සදහා භාවිතා කරන උපකරණය තමා අපි 'ඇමීටරය' කියලා හදුන්වන්නේ.
ඉතින් මෙමගින් අපිට යම් පරිපථයක ගලන ධාරා ප්‍රමාණය මැනගැනීමට අවශ්‍ය නම්, අපි ඒ පරිපථයට ශ්‍රේණිගතව මෙම ඇමීටරය සම්බන්ධ කිරීම තුලින් එම පරිපථය හරහා ගලන ධාරා ප්‍රමාණය මැනගැනීමට පුළුවන්..

ඉතින් මේ විදියට විද්‍යුත් ධාරාව මැනීමට අපි සම්මත ඒකකයක් විදියට ඇම්පියර් (A) කියන ඒකකය පාවිච්චි කලත්, සෑම විද්‍යූත් ධාරාවක්ම ඇම්පියර් වලින් මනින්න බෑ. මොකද ඇම්පියරයට වඩා ඉතා කුඩා විද්‍යුත් ධාරා ප්‍රමාණත් තියෙනවනේ. ඉතින් ඒක නිසා එම කුඩා ධාරා ප්‍රමාණ මැනීම පහසුකරලීම සදහා, මෙම ඒකකයේ උප ඒකක භාවිතා කරනවා. ඉතින් ඒ උප ඒකක අතර සම්බන්ධතා මං පහතින් දක්වන්නම්.

1MA=1000kA
1kA=1000A
    1A=1000mA
1mA=1000µA
1µA=1000nA


🔰 කතෘ අයිතිය : Electronic පන්තිය
තවත් ඔබට වැදගත් ලිපියකින් නැවත හමුවෙමු.
එතෙක් ඔබට සුභ දවසක්..!
Electronic ලෝකයේ🌏 දැනුම බෙදාගන්න එන්න අපත් සමග එකතුවෙන්න.!!❤
මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා චෝදනා, සහ අඩුපාඩු comment හරහා යොමු කරන්න අමතක කරන්න එපා.

Post a Comment

14 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.
  1. හොද ලිපියක් !

    ඔබත් දැන්ම එකතුවෙන්න http://ekathuwa.org/

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට ස්තූතියි සහෝ..

      Delete
  2. ele bro digatama karagena yamu........
    good luck.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචෝ දිරිගැන්වීමට..

      Delete
  3. ගොඩක් ස්තූතියි ලිපියට.

    ReplyDelete
  4. නියමයි දිගටම කරගෙන යන්ඩ ස්තුතියි

    ReplyDelete
  5. හොදට තේරුම් ගන්න පුලුවන් ❤️

    ReplyDelete
Join the conversation(14)