GuidePedia

15

කොහොමද යාළුවනේ...!

ඔන්න අද මං කතාකරන්න යන්නේ, විදුලි උපාංග සම්බන්ධ කරන ආකාර පිළිබදවයි. ඉතින් අපිට මේක ප්‍රධාන වශයෙන් කොටස් 2කට බෙදන්න පුළුවන්. එනම් එම ක්‍රම 2ක වන්නේ.
  1. ශ්‍රේණිගත ක්‍රමය
  2. සමාන්තරගත ක්‍රමය
යන ආකාර දෙකයි. මෙයින් අද මං කතාකරන්න යන්නේ. "ශ්‍රේණිගත ක්‍රමය" පිළිබදවයි. එහෙනම් දැන් අපි මේ 'ශ්‍රේණිගත ක්‍රමය' නැතිනම් ශ්‍රේණිගත පරිපථ ගැන කතාකරමු...



 ශ්‍රේණිගත පරිපථ (Serial Circuit) 


'ශ්‍රේණිගත පරිපථ' නැතිනම් ශ්‍රේණිගත ආකාරයට විදුලි උපාංග සම්බන්ධ කරනවා කියලා කියන්නේ, දම්වැලක ආකාරයට විදුලි උපාංග එක පෙලට සම්බන්ධ කිරීමටයි. මෙහිදි විදුලි සැපයුමෙන් ලැබෙන විදුලි ධාරාව බෙදි නොයා, එක් මාර්ගයක් ඔස්සේ පමණක් ගමන් කිරීම විශේෂ ලක්ෂණයක් වෙනවා..


ඉහත රූපයෙන් ඕගොල්ලන්ට දැකගන්න පුළුවන් ශ්‍රේණිගත ආකාරයට සවිකල සූත්‍රිකා විදුලි බුබුළු 4ක රූපයක්. මෙහිදි විදුලි සැපයුමෙන් ලැබෙන විදුලි ධාරාවට, ගලායාමට තිබෙන්නේ එක් මාර්ගයක් විතරයි. මේනිසා විදුලි ධාරාව බෙදී නොයා, සියළුම බල්බ හරහා එකම ධාරාවක් ලෙස ගලායාම සිදුවෙනවා.


මොකක් හරි හේතුවකින් මේ පරිපථයට ශ්‍රේණිගතව සම්බන්ධ කල බල්බ වලින් එක බල්බයක් හරි පිච්චුනොත් (දැවීගියොත්), අනෙක් සියළුම බල්බ නිවීයනවා. මොකද ඒ පිලිස්සුනු බල්බයෙන් එහාට විදුලියට ගමන් කරන්න විදියක් නෑනේ. ඒවගේම එම විදුලියට ගලායාමට වෙනත් මාර්ගයකුත් නෑනේ. ඒනිසා අනෙක් බල්බ වලට විදුලිය නොලැබීම නිසා ,සියළුම බල්බ නිවීයාම තමා සිද්ධවෙන්නේ..


ඉතින් මේ පරිපථයට ශ්‍රේණිගතව ස්විචයකුත් සම්බන්ධ කලොත් මේ සියළුම බල්බ අපට අවශ්‍ය පරිදි නිවීම හෝ දැල්වීම සිදුකරන්න පුළුවන්. නමුත් මෙහි ඇති බල්බ වෙන වෙනම දැල්වීම හෝ නිවීම කලනොහැකි වීම, මෙම ක්‍රමයේ ඇති අවාසියකි..

  • එවගේම ශ්‍රේණීගත ආකාරයට විදුලි බුබුළු වැනි උපකරණ සම්බන්ධ කලවිට, ඒ සියළුම උපකරණ හරහා ගලායන්නේ එකම විදුලි ධාරාවක් නිසා, විදුලි සැපයුමෙන් ලැබෙන ධාරා(A) ප්‍රමාණයම තමා ඒ සියල්ල හරහා ගලායන්නේ. නමුත් විදුලි සැපයුමෙන් ලැබෙන වෝල්ටීයතාවය(V) එම එක් එක් උපකරණය අතරේ බෙදීයාමක් සිදුවෙනවා. එම නිසා විදුලි බල්බ විශාල ප්‍රමාණයක් ශ්‍රේණිගතව විදුලි සැපයුමකට සම්බන්ධ කලවිට එම බල්බ වලට ලැබෙන වෝල්ටීයතාවය අඩුවීමෙන්, ඒවායින් ලැබෙන ආලෝක ප්‍රමාණය අඩුවෙන්න පුළුවන්. ඒනිසා අපි විදුලි සැපයුමෙන් ලැබෙන වෝල්ටීයතාවයට අනුව යොදන බල්බ ගණන තීරණය කලයුතු වෙනවා..

ඉහත රූපයෙන් ඕගොල්ලන්ට බලාගන්න පුළුවන් 3Vක වෝල්ටීයතාවයක් හා 500mAක පමණ ධාරාවක් අවශ්‍ය බල්බ 4ක් ශ්‍රේණිගතව 12V විදුලි සැපයුමකට සවිකර ඇති ආකාරය.

මෙහිදි 12V සැපයුමෙන් ලැබෙන වෝල්ටීයතාවය බල්බ 4 අතරේ බෙදීයාම නිසා, එක් බල්බයකට 3Vක පමණ වෝල්ටීයතාවයක් ලැබෙනවා. එවගේම එක් බල්බයක් දැල්වීමට අවශ්‍ය ධාරා ප්‍රමාණය වෙන්නේ 500mAක් වන නිසා මේ ආකාරයට ශ්‍රේණිගතව සවිකල බල්බ 4ට වැයවෙන්නේ 500mAක් පමණයි. ඒනිසා මේ ක්‍රමයෙන් අපිට යම් තරමක විදුලි අරපිරිමැස්මකුත් ලැබෙනවා. 

  • එවගේම මේ ආකාරයට ශ්‍රේණීගතව බල්බ වැනි දෑ සවිකරන විට. එම බල්බ සියල්ල එකම වර්ගයේ, එකම ධාරා ප්‍රමාණයන් ලබාගන්නා ඒවා විය යුතුයි. නැතිනම් මේ ආකාරයට පේළියට සවිකල බල්බ වල දීප්තියේ වෙනස් වීමක් අපිට දැකගන්න පුළුවන්.ගොඩක් වෙලාවට අපිට මේ වෙනස්වීම් දැකගන්න පුළුවන් වෙන්නේ, කඩවල් කිහිපයකින් ලබාගත් LED බල්බ මේ විදියට ශ්‍රේණිගතව සවිකර විදුලිය සැපයුවිටයි. ඒනිසා LED බල්බ වැනි දෑ ශ්‍රේණිගතව සවිකරන විට එක සමාන බල්බ යෙදීමට සැලකිලිමත් වන්න....
ඉතින් ඔයාලට මේ විදියට ශ්‍රේණීගතව 240V විදුලියට 12V බල්බ පේලීයක් සම්බන්ධ කරන්න ඕනෙනම්. එහිදි බල්බ උපරිම දීප්තියෙන් දැල්වීමට යෙදිය යුතු බල්බ ප්‍රමාණය සොයාගැනීමට අවශ්‍ය නම් කරන්න තියෙන්නේ, සැපයුම් වෝල්ටීයතාවයෙන් අපි යෙදීමට බලාපොරොත්තු වන බල්බයේ වෝල්ටීයතාවය බෙදන එකයි.

                        240V 
                      12V

                  =  20
  
එතකොට අපිට උත්තරේ විදියට 20ක් ලැබෙනවා. ඒ කියන්නේ 240V විදුලියෙන් 12V බල්බ 20ක් පමණ එහි උපරිම දීප්තියෙන් යුතුව දැල්විය හැකි බවයි. මෙහිදි මෙම බල්බ ගණන 20ට වඩා වැඩි කලොත් ඒවායේ දීප්තිය අඩුවන අතර,බල්බ ගණන 20ට වඩා අඩු කලොත් බල්බ 
දැවීයාමට හැකි බවද මතක තබාගන්න....

එහෙනම් දැන් මෙච්චර වෙලා ශ්‍රේණීගතව බල්බ සම්බන්ධ කරන ආකාරය ගැන කතාකලානේ. ඒ නිසා දැන් අපි ශ්‍රේණිගතව විදුලි කෝෂ සවිකරන ආකාරය ගැන කතාකරමු..



 ශ්‍රේණිගතව කෝෂ සම්බන්ධ කිරීම (Serial Battery) 


වියලි කෝෂ නැතිනම් විදුලිය ආරෝපණය කර තබාගත හැකි කෝෂ 2ක් හෝ කිහිපයක් එකිනෙකට සම්බන්ධ කරතැනු ඒකකයකට තමා අපි "බැටරියක්" කියලා කියන්නේ. ඉතින් මේ බැටරි ඇතුලේ ඇති කෝෂ (Cell) එකිනෙකට සම්බන්ධ කරන ප්‍රධාන ආකාර 2ක් පවතිනවා. ඒවා නම් මීට පෙර පැවසු 'ශ්‍රේණීගත ආකාරය' හා 'සමාන්තරගත ආකාරය' යන ආකාර දෙකයි. මෙයින් අද ලිපියෙන් මම කෝෂ ශ්‍රේණිගතව සම්බන්ධ කිරීම ගැන කරුණු ටිකක් කතාකරන්නම්..

ඉහත රූපයේ පරිදි එක් කෝෂයක ධන(+) අග්‍රය අනෙක් කෝෂයේ ඍණ(-) අග්‍රයට සම්බන්ධ වන ආකාරයට කෝෂ සම්බන්ධ කිරීම අපි 'කෝෂ ශ්‍රේණිගතව' සම්බන්ධ කරනවා කියා හදුන්වනවා.

මේ ආකාරයට කෝෂ එකිනෙකට සම්බන්ධ කලවිට එක් එක් කෝෂයේ ඇති වෝල්ටීයතා අගයන් එකිනෙකට එකතු වී, අවසාන වශයෙන් වැඩි වෝල්ටීයතාවයක් අපට මෙම බැටරියෙන් ලබාගන්න පුළුවන්.. 
නමුත් මෙම බැටරියේ ඇති ධාරිතා ප්‍රමාණය එක කෝෂයක ඇති ධාරිතා ප්‍රමාණයට සමාන වෙනවා. ඒනිසා වැඩි ධාරාවක් මේ විදියට කෝෂ ශ්‍රේණිගතව පමණක් සවිකල බැටරියකින් ලබාගැනීමට අපට හැකියාවක් ලැබෙන්නේ නෑ..

නිදසුන්.....
අපි හිතමු 1.5Vක වෝල්ටීයතාවක් හා 500mAක ධාරිතාවක් ඇති කෝෂ 3ක් ශ්‍රේණිගතව සවිකරලා බැටරියක් හදාගත්තා කියලා. එතකොට අපිට ඒ බැටරියෙන් මුළු වෝල්ටීයතාවය ලෙස 4.5Vක් ලබාගන්න පුළුවන්. නමුත් එම බැටරියේ ධාරිතාව වෙන්නේ, එක් කෝෂයක තිබූ ධාරිතාව වන 500mAක් විතරයි..
අපිට මේ විදියට බැටරියක වෝල්ටීයතාව ශ්‍රේණිගතව කෝෂ සවිකිරීම මගින් වැඩිකරන්න පුළුවන් වගේම, කෝෂ සමාන්තරගතව සවිකරලා එම බැටරියක ධාරිතාව වැඩිකරගන්නත් පුළුවන්.

ඉතින් මේ 'සමාන්තරගත ක්‍රමය' ගැන මං ඊළඟ ලිපියෙන් ඕගොල්ලන්ට වැඩිදුර විස්තර කියන්නම්කෝ., එහෙනම් අද ලිපිය නම් අවසානයි..
මේ ගැන ඕගොල්ලන්ගෙ අදහස්, යෝජනා, චෝදනා Comment එකකින් දක්වලා මාව දිරිමත් කරලම යන්නකෝ...

         තවත් ලිපියකින් නැවත හමුවෙමු...!

Post a Comment

  1. Replies
    1. Comment එකට ස්තුතියි සහෝ..

      Delete
  2. thanks good work mcn - http://slengineering.blogspot.com

    ReplyDelete
    Replies
    1. @Tharindu Chathuranga
      thankz machan comment ekata.....

      Delete
  3. බ්ලොග් එක හොදයි දිගටම කරගෙන යන්න මේ වගේ දේවල් දාන එක ගොඩක් වටිනවා

    ReplyDelete
    Replies
    1. thankz, මචෝ Comment එකට...

      Delete
  4. http://adf.ly/1FxcuW

    ReplyDelete
  5. Replies
    1. Ok macho............... thankz comment ekata.

      Delete
  6. Replies
    1. @sl Lakshan, පොඩ්ඩක් ඉවසපන් මචෝ..

      Delete
    2. දැන් කොච්චර වෙලා ඉවසුවද?......

      Delete
  7. Replies
    1. @Ajith Kumara
      Thankz comment ekata........

      Delete
  8. Ado patta wadak aaaaaaaaaaaaaaaaa.
    Thawa dapan

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...
 
Top