කොහොමද යාළුවනේ....
අද ලිපියෙන් මං කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ ස්ථිති විද්‍යුතය(Static Electricity) ගැන හා එහි භාවිත පිළිබදවයි. දැන් අපි ඒගැන විමසාබලමු...
විද්‍යුතය (Electricity)
"විද්‍යුතය" යනු පරමාණුවල ඇති ඉලෙක්ට්‍රෝණ නිසා ඇතිවන ආරෝපණ මගින් හටගන්නා ශක්ති ප්‍රභේදයකි.
(මෙම ඉලෙක්ට්‍රෝණ මගින් විද්‍යුත් ආරෝපණ ඇතිවන්නේ කෙසේද යන ආකාරය මීට පෙර ලිපියකින් මං සාකච්ඡා කර ඇත.)
ඉතින් මේ විද්‍යුත් ආරෝපණ මගින් හටගන්නා විදුලිය ප්‍රධාන වශයෙන් කොටස් 2කට බෙදෙනවා. එනම්,
- ධාරා විද්‍යුතය(Current Electricity)
- ස්ථිති විද්‍යුතය(Static Electricity)
යනුවෙනි..
ධාරා විද්‍යුතය(Current Electricity)
"ධාරා විද්‍යුතය" කියන්නේ චලනය වන විද්‍යුත් ආරෝපණ නැතිනම්, චලනය වන ඍණ(-) ආරෝපිත ඉලෙක්ට්‍රෝණ මගින් ඇතිවන විදුලියටයි.
මෙම විදුලිය ජල ධාරාවක් මෙන් විද්‍යුත් ආරෝපණ, විද්‍යුත් ප්‍රභවයේ සිට යම් දිශාවකට ගමන් කිරීමක් සිදුවේ, එමනිසා මෙම විදුලිය "ධාරා විද්‍යුතය" යනුවෙන් නම් කරනු ලබනවා.
එවගේම මෙම විදුලියට සන්නායකයක්(වයරයක්) තුලින් පහසුවෙන් ගලායාමට හැකියාවද තිබේ.
ඉතින් මේ ධාරා විද්යුතයෙහි, විද්‍යුත් ආරෝපණ ගලන දිශාව අනුව තවත් කොටස් 2කට බෙදෙනු ලබනවා. එනම්,
- සරල ධාරාව(Direct Current)
- ප්‍රත්‍යාවර්ථ ධාරාව(Alternating Current)
යනාදි වශයෙනි.
මෙහිදි "සරල ධාරාව" නිශ්චිත එක් දිශාවකට පමණක් ආරෝපණ ගලායාම සිදුවන අතර, "ප්‍රත්‍යාවර්ථ ධාරාව" දෙදිශාවටම ආරෝපණ ගලායාම සිදුවේ.
(මෙම සරල ධාරාව හා ප්‍රත්‍යාවර්ථ ධාරාව පිළිබදව මීට පෙර ලිපි කිහිපයකින් මා සාකච්ඡා කර ඇත.)
ස්ථිති විද්‍යුතය(Static Electricity)
"ස්ථිති විද්‍යුතය" කියන්නේ චලනය නොවන්නාවූ 'ස්ථිති විද්‍යුත් ආරෝපණ' මගින් ඇතිවන විදුලියටයි.
මෙම විදුලිය ධාරා විද්‍යුතය මෙන් නිදහසේ ගලායාමක් සිදුනොවන අතර, එක තැනකට රොක්වී පවතී.
ස්ථිති විද්‍යුත් ආරෝපණ
ප්‍රධාන වශයෙන් ස්ථිති විද්‍යුත් ආරෝපණ ඇතිවන්නේ පරිවාරක වස්තුවල මතුපිට පෘෂ්ඨ මතය. මොකද සන්නායකට විද්‍යුත් ආරෝපණ (ඉලෙක්ට්‍රෝණ) ලැබුණු විට, එය එම සන්නායකය පුරාම විහිදී යයි, එනම් ගලායයි.
නමුත් පරිවාරකයකට යම් විද්‍යුත් ආරෝපණ(ඉලෙක්ට්‍රෝන) ප්‍රමාණයක් ලබාදුන් විට එය විහිදීනොයා තිබූ ස්ථානවලම එය නිශ්චලව පවති, එනම් ගලානොයයි. මොකද පරිවාරක කියන්නේ විදුලිය ගලායාමට ඉඩනොදෙන දේවල්වලටනේ.
ඉතින් ඒනිසා පරිවාරක මත ඇතිවන විද්‍යුත් ආරෝපණ, එම පරිවාරකයේ මතුපිට නිශ්චලව පවති.
ස්ථිති විද්‍යුත් ආරෝපණ ඇතිවන අයුරු...
පරිවාරකයක් මතට ස්ථිතික විදුලියක් ඇතිකිරීම නැතිනම් විද්‍යුත් ආරෝපණ ලබාදීම අප හදුන්වනු ලබන්නේ "ධ්‍රැවීකරණය"(Polarization) යන නමිනි.
බොහෝවිට මෙම ධ්‍රැවීකරණය ඇතිවන්නේ වස්තු එකිනෙක ඇතිල්ලීම නැතිනම් පිරිමැදීම මගිනි. එහිදි එම පිරිමදින වස්තුවල පෘෂ්ඨ වලින් ඉලෙක්ට්‍රෝණ ලබාගැනීම හෝ ඉවත්වීම මගින් "ස්ථිති විද්‍යුත් ආරෝපණ" ඇතිවේ.
එහිදි ඉලෙක්ට්‍රෝණ ලබාගන්නා වස්තුව ඍණ(-) ලෙස ආරෝපණය වන අතර, ඉලෙක්ට්‍රෝණ පිටකරන වස්තුව ධන(+) ලෙස ආරෝපනය වේ.
ඉතින් මේවිදියට ආරෝපණ වූ වස්තු ඉන්පසු උත්සාහකරන්නේ, කොහොමහරි එම ආරෝපණ විසර්ජනයකර(ඉවත් කර) උදාසීන තත්වයට පත්වෙන්නයි. ඒත් පරිවාරක තුලින් විද්‍යුත් ආරෝපණ ගමන්නොකරන නිසා එය තුලින් විදුලිය ගලායාමක් සිදුනොවේ.
(නමුත් සුළු ප්‍රමාණයක් කාන්දු විය හැක)
එමනිසා මෙලෙස ආරෝපණ වූ වස්තු අසලට විජාතීය(එකිනෙකට ප්‍රතිවිරුද්ධ) ආරෝපණ සහිත වස්තුවක් ලංකල විට, එයට ආකර්ෂණය වී ආරෝපණ හුවමාරු කරගෙන යලිත් උදාසීන තත්වයට පත්වීමට උත්සාහකරයි.
නමුත් සජාතීය(එක සමාන) ආරෝපණ සහිත වස්තු 2ක් එකිනෙකට ලංකල විට, පෙරදි මෙන් ආකර්ෂණය වීමක් සිදුනොවේ. එමනිසා එම වස්තු විකර්ෂණය වීම සිදුවේ.
(මේක හරියට කාන්දම් වල NහාS ධ්රැව එකිනෙකට වීම සිදුවන අතර, NN හා SS වැනි එකසමාන ධ්රැව විකර්ෂණය වීම යන සිද්ධියට සමානයි.)
ඉතින් මේ "ධ්‍රැවීකරණය" මගින් වස්තුවක් ආරෝපණය වන ආකාරය පිළිබදව මං උදාහරණ කිහිපයක් ඕගොල්ලන්ට දෙන්නම්.
- ඕගොල්ලන්ට මතක ඇති පුංචි කාලේ ප්ලාස්ටික් පෑනක් අරගෙන එහි කෙලවරක් කොන්ඩේ අතුල්ලලා ඉතා කුඩා කඩදාසි කැබලි අසලට ලංකලාම, එයට ඉතා කුඩා කඩදාසි කැබලි ආකර්ෂණය වන බව,
එහිදී සිද්ධවෙන්නේ පෑන හිසකෙස්වල ඇතිල්ලූ විට(පිරිමැදීම) පෑන තුල අතිරේක ඉලෙක්ට්‍රෝණ ප්‍රමාණයක් එක්රැස්වෙනවා. ඒනිසා පෑන (-) ලෙස ආරෝපණය වෙනවා. ඉන්පසු පෑන අසලට කුඩා කොල කැබලි ලංකල විට, පෑන දෙසට එම සැහැල්ලු කොළ කැබලි ආකර්ෂණය වීමට පටන් ගන්නවා. එහෙමයි ඒ සිද්ධිය සිද්ධවෙන්නේ.
(සාමාන්‍යයෙන් පොළව හා එහි මතුපිට ඇති දේවල් (+)ධන ලෙස ආරෝපණය වී ඇති බවටයි සලකන්නේ.)
- ඕගොල්ලෝ බැලුන් බෝලයක් අරගෙන ඒක කොන්ඩේ ඇතිල්ලු විට, හිසකෙස් බැලුන් බෝලය දෙසට ඇදීයන බව ඔබට වැටහේවී. ඒකෙදිත් සිද්ධවෙන්නේ මං කලින් කිව්ව සිද්ධියමයි.
ඉතින් මේවිදියට ආරෝපණය වූ වස්තුවක් හදුනාගැනීමට අපි "ස්වර්ණ පත්‍ර විද්‍යුත් දර්ශකය"(Gold Leaf Electroscope) භාවිතා කරනවා. මේකනම් ඕගොල්ලන්ට පාසලේ විද්‍යා පාඩමටත් කියාදීලා ඇතිනේ...
හොදයි එහෙනම් ස්ථිති විද්‍යුතය ගැන ගොඩක් කරුණු අපි කතාකලානේ. දැන් අපි බලමු "ස්ථිති විද්‍යුත් ආරෝපණ" භාවිතා වන අවස්ථා මොනවද කියලා.
ස්ථිති විද්‍යුත් ආරෝපණ වල භාවිත..
ස්ථිති විද්‍යුතය අප භාවිතා කරන අවස්ථාවකට උදාහරණයක් විදියට ඡායා පිටපත් යන්ත්‍රය(Photo Copy Machine) හදුන්වන්න පුළුවන්. මෙම යන්ත්‍රයේ භාවිතා වන මුද්‍රණ කුඩු(Toner) පාලනය කරනු ලබන්නේ ස්ථිති විද්‍යුතය මගිනුයි.
එනම් අපට ඡායා පිටපත ලබාගැනීමට අවශ්‍ය රූපයට ආලෝක ධාරාවක් සැපයුවිට, එම තියුණු ආලෝකය නිසා රූපයට යටින් ඇති ආලෝක සංවේදි තහඩුව තුල රූපයට අනුකූලව (+)ධන ආරෝපණ එක්රැස්වීම සිදුවේ. ඉන්පසු එම ධන ආරෝපණ සහිත ස්ථාන වලට (-)ඍණ ලෙස ආරෝපණය වී ඇති කළු පැහැ මුද්‍රණ කුඩු ආකර්ෂණය වීම සිදුවේ. එමගින් අපට අවශ්‍ය රූපය ලබාගැනීමට හැකියාව ලැබේ.
ස්ථිති විද්‍යුතය අප විසින් භාවිතා කරන තවත් අවස්ථාවක් තමා "ධාරිත්‍රක" නැතිනම් "කැපෑසිටර්" කියලා කියන්නේ.
මේවා සකසා තිබෙන්නේ සන්නායක තහඩු 2ක් අතරට පරිවාරක ද්‍රව්‍යයක් තබා ඒතුලින් විදුලිය සන්නයනය වීම වැලැක්වීම තුලිනුයි. ඉන්පසු සන්නායක තහඩු 2කට, ලෝහ අග්‍ර 2ක් සවිකර අප විසින් භාවිතයට ගනු ලබනවා. මෙහිදි අප විසින් ධාරිත්‍රකයට(Capacitor) ලබාදෙන විද්‍යුත් ආරෝපණ සන්නායක තහඩු අතර රදාපවතින අතර, පරිවාරකය නිසා කිසිදු දිශාවකට එම ආරෝපණ වලට ගලායාමට හැකියාවක් නොමැත. එම නිසා ධාරිත්‍රකය තුල ස්ථිති විද්‍යුත් ආරෝපණයක් ගබඩාවේ. එමගින් අපට ධාරිත්‍රකය සීමිත කාලයක් ආරෝපණය කරතබාගත හැක
ස්ථිති විද්‍යුතයේ ඇති අහිතකර ඵල...
- ස්ථිති විද්‍යුතය අප ශරීරය තුලත් පවතිනවා. එමනිසා පරිගණක දෘඩාංග වැනි ඉතා සියුම් ඉලෙක්ට්‍රෝණික උපාංග හා පරිපථ අප ස්පර්ශ කිරීමට යාමේදි, එම උපාංග හා පරිපථ වලට අප ශරීරයේ ඇති ස්ථිති විද්‍යුත් ආරෝපණ මගින් හානි සිද්ධවෙන්න පුළුවන්. අන්න ඒනිසයි RAM(රැම්)වල තඹ පැහැ තුඩු අපට අල්ලන්න එපා කියන්නේ.
ඉතින් මෙවැනි විද්‍යුත් උපකරණ අළුත්වැඩියාවේදි අප ශරීරයේ තිබෙන ස්ථිති විද්‍යුත් ආරෝපණ නිසා එම උපකරණ වලට සිදුවන හානිය වැලැක්වීමට නම්, අප ශරීරයේ තිබෙන "ස්ථිති විද්‍යුත් ආරෝපණ" ඉවත්කල යුතුයි.
ඒසදහා පහත සදහන් උපකරණ අප භාවිතා කරනවා.
Anti Static Wrist Strap |
Anti Static Mat |
"Anti Static Wrist Strap" භාවිතා කරන අවස්ථාවක්" |
"Anti Static Mat" භාවිතා කරන අවස්ථාවක්" |
- ස්ථිති විද්‍යුතය නිසා ඇතිවන තවත් ප්‍රබල බලපෑමක් වන්නේ අකුණු ගැසීමයි. මෙහිදි අහසේ ඇති වලාකුළු මත ඇතිවන අධික ස්ථිති විද්‍යුත් ආරෝපණ පොළව කරා ඇදී පැමිණ, එය භූගත වීම තුලින් අකුණු ඇතිවීම සිද්ධවෙනවා. මේනිසා විශාල ජීවිත හා දේපල හානිද සිද්ධවෙනවා..
අකුණූ සන්නායක |
🔰 කතෘ අයිතිය : Electronic පන්තිය
තවත් ඔබට වැදගත් ලිපියකින් නැවත හමුවෙමු.
එතෙක් ඔබට සුභ දවසක්..!
Electronic ලෝකයේ🌏 දැනුම බෙදාගන්න එන්න අපත් සමග එකතුවෙන්න.!!❤
මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා චෝදනා, සහ අඩුපාඩු comment හරහා යොමු කරන්න අමතක කරන්න එපා.
macho mata podi udauwak oni.
ReplyDeletemata mail ekak dannako.
palitha.lahiru@gmail.com
email ekata barinam mage phone no ekatawath kamak naa
ReplyDeleteikmanin msg ekak danna.
0756748779
palitha.lahiru@gmail.com
Ok bro..
Deleteබොහොම පැහැදිලිව ඉදිරිපත් කර තිබෙනවා.. ගොඩක් ස්තුතියි...වයස අවුරුදු නවයක් වෙන මගේ පුතා ඉලෙක්ට්‍රොනික් පිළිබඳව ඉතා උනන්දුයි. ඔහුට මේ පාඩම් ඉතා වැදගත්...
ReplyDeleteවටින ලිපියක්
ReplyDeleteThava avastha nadda
ReplyDeleteAne very thaks
ReplyDeleteMat kiynn wachna na 😶
ගොඩාක් වටින ලිපියක්
ReplyDeleteThnkyou
ReplyDeleteAs the Advanced level student this article is very important to me Thanks for publish this article.
ReplyDeleteඇත්තටම වටිනවා
ReplyDelete