අකුණු ගැන දැනගනිමු (Lightning)

18

සුභ දවසක් වේවා කට්ටියට...!

පසුගිය ලිපියෙන් මං ඔයාලට "ස්ථිති විද්‍යුතය" ගැන කරුණු ටිකක් අරගෙන ආවනේ. ඉතින් ඒක බැලුවෙ නැත්නම් මෙතනින් ගිහින් ඒක බලන්නකෝ...
ඉතින් අද මං කතාකරන්න බලාපොරොත්තුවෙන්නෙ ස්ථිති විද්‍යුත් ආරෝපණ නිසා ඇතිවන "අකුණු" (Lightning) පිළිබද යමක් ඔයාලට ගෙනඑන්නයි. ඉතින් දැන් අපි ඒගැන කතාකරමුකෝ...


  අකුණක් යනු..   


අකුණක් කියලා කියන්නේ වලාකුලක ආරෝපණය වී ඇති ස්ථිති විද්‍යුත් ආරෝපණ  ක්ෂණිකව විසර්ජණය වීමක් (Discharge) නිසා ඇතිවන ක්‍රියාවලියකටයි. මෙහිදී වෝල්ට් මිලියන 3ක විතර අතිවිශාල වෝල්ටීයතාවයකින් යුත් ඇම්පියර් 25000ක විතර අධික ධාරාවක් ගලායාම සිද්ධවෙනවා. එවගේම මෙයින් අතිවිශාල ශක්තියක් නිදහස් වන නිසා, අධික තාපයක් හා ශබ්දයක් ඇතිවෙනවා. එතකොට තමා අපිට ලොකු එලියක් දකින්න හා විශාල ශබ්දයක් අසන්න ලැබෙන්නෙ.

 වලාකුළු ආරෝපණය වන අයුරු.. 


බොහෝවිට අකුණු ඇතිවන්නේ "කැටිවැහි වලාකුළු" මගිනුයි.
ඉහල අහසේ විවිධ උස ප්‍රමාණවල පවතින උෂ්ණත්වයන්ගේ වෙනස්කම නිසා මෙම 'කැටි වැහි වලාකුළු' වල ඉහල ස්ථර වල අයිස් ස්ඵටිකද, පහල ස්ථර වල ජල අංශුද අන්තර්ගත වෙනවා.

සුළග මගින් වලාකුළු චලනය වීමේදි ඉහල ස්ථරවල ඇති අයිස් ස්ඵටික හා පහල ස්ථර වල ඇති ජල අංශුද ගැටීමකට ලක්වෙනවා. මේනිසා ඉහල ස්ථරයේ ඇති අයිස් ස්ඵටික වලට (+)ධන ආරෝපනයක් ලැබෙන අතර පහල මට්ටමෙන් ඇති ජල අංශු හා දූවිලි අංශුවලට (-)ඍණ ආරෝපණයක් ලැබීම සිදුවෙනවා. මේ විදියට දීර්ඝ වශයෙන් මෙවැනි ගැටීම් සිදුවීම හේතුවෙන් වලාකුළු තුල ස්ථිති විද්‍යුත් ආරෝපණ විශාල වශයෙන් එක්‍ රැස්වීම සිදුවෙනවා.

එවගේම සාමාන්‍යයෙන් වැසි රහිත වියලි කාලගුණ තත්වවලදි පෘථිවි පෘෂ්ඨය (-)ඍණ ලෙස ආරෝපණය වන අතර, වැසි සහිත කාලගුණ තත්වවලදි (+)ධන ලෙස ආරෝපණය වීම සිදුවෙනවා.

ඉතින් මේ විදියට ආරෝපණය වූ වලාකුළු මගින් අකුණු ඇතිවන ආකාරය ගැන අපි ඊලගට කතාකරමු..

 අකුණක් ඇතිවන ආකාරය.... 


අකුණු ඇතිවෙන්න පුළුවන් ප්‍රධාන ක්‍රම 3ක් පවතිනවා. ඉතින් එම අකුණු ඇතිවන ආකාර ගැන අපි වෙනවෙනම කතාකරමු..

1) Intracloud Lightning - (IC)


එකම වලාකුළෙ ඇති විජාතීය ආරෝපණ (එකිනෙකට වෙනස් ආරෝපණ) සහිත ස්ථර 2ක් අතර ඇතිවන අකුණු මෙනමින් හදුන්වනු ලබනවා.

මෙහිදි එකම වලාකුලේ ඉහල ස්ථරයේ ඇති ඇති අයිස් ස්ඵටික නිසා ඇතිවන (+)ධන ආරෝපණ එම වලාකුලේම පහල ස්ථරයේ ඇති ජල අංශු නිසා ඇතිවු (-)ඍණ ආරෝපණ වෙතට ගමන් කිරීම නිසා හෝ, 
(-)ඍණ ආරෝපණ (+)ධන ආරෝපණ වෙතට ගමන් කිරීම නිසා මෙම ආකාරයේ අකුණු ඇතිවීම සිද්ධවෙනවා..

2) Cloud To Cloud Lightning - (CC)


විජාතීඅය ආරෝපණ සහිත වලාකුළු 2ක් අතර ඇතිවන අකුණු මෙනමින් හදුන්වනු ලබනවා.

මෙහිදී එක් වලාකුළක ඇති (+)ධන ආරෝපිත ස්ථරයක් හා අනෙක් වලාකුළේ (-)ඍණ ආරෝපිත ස්ථරයක් අතර ආරෝපණ ගමන් කිරීමක් හෝ, 
වලාකුළක (-)ඍණ ආරෝපිත ස්ථරයක් හා අනෙක් වලාකුලේ (+)ධන ආරෝපිත ස්ථරයක් අතර  ආරෝපණ ගමන්කිරීම තුලින් මෙම ආකාරයේ අකුණු ඇතිවන්න පුළුවන්...

3) Cloud To Ground Lighting - (CG)


ආරෝපිත වලාකුලක් හා පෘථිවි පෘෂ්ඨය අතර ඇතිවන අකුණු මේ නමින් හදුන්වනු ලබනවා.
මෙහිදීද අනෙක් අකුණු ඇතිවන ආකාරවල මෙන් (+)ධන ආරෝපණ ගමන් කරන අකුණු මෙන්ම, (-)ඍණ ආරෝපණ ගමන් කරන අකුණුද පවතිනවා. ඉතින් මේවිදියට පෘථිවි පෘෂ්ඨයට පැමිනෙන අකුණු වල ආරෝපණ වර්ගය අනුව ප්‍රධාන ආකාර 2කට බෙදනු ලබනවා එනම්,
  • Negative Lightning(ඍණ ආරෝපිත අකුණු)
  • Positive Lightning(ධන ආරෝපිත අකුණු)
යනාදී වශයෙනුයි. දැන් අපි මෙම අකුණු දෙවර්ගය පිළිබදව සාකච්චා කරමු..

*Negative Lightning (ඍණ ආරෝපිත අකුණු)


ආරෝපිත වලාකුලේ පහල ස්ථරයේ ඇති (-)ඍණ ආරෝපණ පෘථිවි පෘෂ්ඨයේ (+)ධන ආරෝපන කාන්දුවන ස්ථාන වලට ආකර්ෂණය වී ගමන්කරන අකුණු වලට තමා අපි  “Negative Lightning” කියලා කියන්නේ..

සාමාන්‍යයෙන් මෙම වර්ගයේ අකුණු තමා පෘථිවි පෘෂ්ඨයට වැඩිපුරම එනම් 95%  පමණ වදින්නට ඉඩ ප්‍රස්ථාවක් පවතින්නේමොකද වලාකුලේ පහලම ස්ථරයෙන් මෙම අකුණු ඇතිවන නිසා, අකුණත් පොලාවත් අතර පරතරය ඉතාවමත් අඩුවෙනවා.

බොහෝදුරට මෙවැනි අකුණක වෝල්ටීයතාවය වෝල්ට් මිලියන 3ක් (3MV) පමණ වන අතර, ගලායන ධාරා ප්‍රමාණය ඇම්පියර් 25000ක් (25kA) විතර වෙනවා.


*Positive Lightning (ධන ආරෝපිත අකුණු)


ආරෝපිත වලාකුලේ ඉහල ස්ථරයේ ඇති (+)ධන ආරෝපණ පෘථිවි පෘෂ්ඨයට ගමන්කිරීම නිසා ඇතිවන අකුණු වලට තමා අපි “Positive Lightning ” කියලා කියන්නේ


සාමාන්‍යයෙන් මෙම වලාකුලු ඇතිවන්නේ වලාකුලේ ඉහලම ස්ථරයෙන් වන අතර, වලාකුළ හා පොලාව අතර පරතරයද වැඩි අගයක් ගන්නවා. ඒවගේම මෙම අකුණක වෝල්ටීයතාවය වෝල්ට් මිලියන 1000ක් (1000MV) පමණ වන අතර ගලායන ධාරා ප්‍රමාණය ඇම්පියර් 300000ක් (300kA) විතර වෙනවා.


ඒනිසා Negative වර්ගයේ අකුණකට වඩා Positive වර්ගයේ අකුණු ගොඩක් භයානක වෙනවා. සාමාන්‍ය Negative Lightning වර්ගයේ අකුණු සුදු හෝ කහ පැහැයක් ගත්තද, මෙම Positive වර්ගයේ අකුණු නිල් පැහැයක් ගනී.
එවගේම මේ ආකාරයේ අකුණක් ඇතිවන්නේ බොහොම කලාතුරකින් වන අතර, මෙවැනි අකුණකින් සිදුවන හානිය අතිමහත් වේ.


4)Cloud To Air Lightning - (CA)


වලාකුලක් හා හිස් අවකාශය අතර ඇතිවන අකුණු මෙනමින් හදුන්වනු ලබනවා. 
මෙහිදි සිද්ධවෙන්නේ  වලාකුලේ පහල ස්ථරයෙන් පිටවන Negative වර්ගයේ අකුණට පෘථිවි පෘෂ්ඨය දක්වා යාමට තරම් ශක්තිය ප්‍රමාණවත් නොවන විට එය හිස් අවකාශයෙන්ම අවසන් වීමයි..

(එවගේම  වලාකුලේ ඉහල ස්ථරයේ ඇති (+)ධන ආරෝපණ හා වායුගෝලය අතරත් මෙවැනි අකුණු ඇතිවීමට හැකියාව තිබෙනවා.)

 "Negative වර්ගයේ" අකුණක් පොලව වෙතට ගමන්කරන අයුරු.. 


අපට බොහොම හුරුපුරුදු අකුණු වර්ගයක් වන මෙම "Negative වර්ගයේ" අකුණක් පොළොවට පැමිනෙන්නේ කොහොමද? කියලා තමයි දැන් මං විස්තර කරන්න හදන්නේ. 
ඉතින් ඕගොල්ලන්ට මතක ඇති මං කලින් කිව්වා පෘථිවි පෘෂ්ඨය වැසි සහිත අවස්ථාවල (+)ධන ලෙස ආරෝපණය වෙනවා කියලා. ඉතින් ඒවිදියට ඇතිවන (+)ධන ආරෝපණ පොකුරු සුළඟ මගින් ගසාගෙන ඉහල ආකාශයටද ඇදිගෙන යනවා.


ඒඅතර වලාකුළුවල පහල ස්ථරයේ ඇතිවී තිබෙන (-)ඍණ ආරෝපණ උදාසීන වීම සදහා පෙර කියු ආකාරයට ඉහලට පැමිණ තිබෙන, තමන්ට ආසන්නම  (+)ධන ආරෝපණ පොකුර වෙත ආකර්ෂණය වී ඇදීයනවා. එහිදි එම (-)ඍණ ආරෝපිත ධාරාව(අකුණ) (+)ධන ආරෝපිත පොකුර මගින් උදාසීන නොවුනොත්, ඊලඟ (+)ධන ආරෝපණ පොකුරට ගමන්කරනවා. මේවිදියට අකුණ උදාසීන තත්වයට පත්වනතුරුම (+)ධන ආරෝපණ පොකුරෙන් පොකුරට පැන ගමන්කරනවා. 
ඔය විදියට (-)ඍණ ආරෝපිත ධාරාව(අකුණ) හිස් අවකාශයේ ඇති (+)ධන ආරෝපිත පොකුරු අතර ගමන්කිරීම නිසයි, අකුණ විවිධ හැඩවලට හැරි හැරි ගමන්කිරීම සිදුවන්නේ.

මේවිදියට ධන ආරෝපණ පොකුරෙන් පොකුරට ගමන්කරන අකුණ උදාසීන තත්වයට පත්වුනොත් හිස් අවකාශයෙන්ම එය අවසන් වෙනවා.
නමුත් එය එසේ නොවුනහොත් අකුණ දිගින් දිගටම පොලව වෙතටම ගමන්කිරීම සිදුවෙනවා.

ඉන්පසු පොලව මතුපිටට ආසන්න වූවිට අසල ඇති "ධන ආරෝපණ කාන්දුවන ස්ථානයකින්" (-)ඍණ ආරෝපණ සහිත අකුණ භූගත වීම සිදුවෙනවා...

ඉතින් ඔන්න ඔය විදියටයි. සාමාන්‍යයෙන් අකුණක් පොළොවට පැමිනෙන්නේ. ඉතින් මං මෙහිදි  කථාකලානේ "ධන ආරෝපණ කාන්දුවන ස්ථාන" කියලා දෙයක් ගැන දැන් අපි ඒගැනත් ටිකක් කතාකරමු.....

  ධන ආරෝපණ කාන්දුවන ස්ථාන...  

මං කලිනුත් කිව්වනේ වැසි දිනවලදි පෘථිවි පෘෂ්ඨය ධන ලෙස ආරෝපනය වෙනවා කියලා. ඉතින් මේවිදියට පෘථිවි පෘෂ්ඨය මත එක් රැස්වෙන ධන අරෝපණ තුඩු සහිත(උල් ආකාර) ස්ථානවලින් කාන්දුවීම සිදුවෙනවා.


සාමාන්‍යයෙන් තුඩු නැත්නම් උල් ආකාර හැඩැති ස්ථානවල වැඩි විද්‍යුත් ආරෝපණ සාන්ද්‍රණයක් පවතිනවා. ඒනිසා පෘථිවි පෘෂ්ඨයේ ඇති (+)ධන ආරෝපණ වලින් වැඩි ප්‍රමාණයක් මෙවැනි උල් හැඩැති ස්ථානවලට එක් රැස්වීමේ සම්භාවිතාව වැඩියි.
එතකොට පෘථිවි පෘෂ්ඨය ආසන්නයට පැමිණෙන අකුණ සෑමවිටම උත්සාහ කරන්නේ වැඩි ආරෝපණ ප්‍රමාණයක් තියෙන තමාට ආසන්නයේම ඇති ප්‍රතිරෝධය අඩුම (+)ධන ආරෝපණ පොකුර වෙත ආකර්ෂණය වීමටයි. 

ඒනිසා තුඩු ආකාර හැඩැති, විද්‍යුත් ප්‍රතිරෝධය අඩු, ආරෝපිත වලාකුලට ඉතා ආසන්න ස්ථානවලට අකුණ ආකර්ෂණය වී භූගතවීම සිදුවෙනවා..


බොහෝවිට පෘථිවි පෘෂ්ඨයේ තිබෙන (+)ධන ආරෝපණ කාන්දු වන ස්ථාන වන්නේ ගස් වර්ග, උල් හැඩැති ගොඩනැගිලි හා කුළුණු යනාදියයි.
එයිනුත් අකුණ උත්සාහකරන්නේ තමාට් ලඟම තියෙන ආරෝපණ කාන්දු වන ස්ථානයට ආකර්ෂණය වීමටයි. ඒනිසා බොහෝවිට උස ගොඩනැගිලි, උස කුළුණු හා උස ගස් යනාදියට බහුලව අකුණු වැදීම සිදුවනවා.
එවගේම ගස්කොලන් නැති පිට්ටනියක මිනිසෙක් අකුණු ගහන වෙලාවක හිටගෙන හිටියොත්, එතන තියෙන උසම තැන තමන්ගේ ඔළුව නම් අකුණ වදින්නේ තමන්ගේ ඔළුවටම තමා.....

හොදයි හොදයි.. අද අකුණු ගැන ගොඩක් දේවල් කතාකලානේ. තවත් ඕනනම් අකුණවලින් පරිස්සම් වෙන ආකාරය යනාදී ගොඩක් දේවල් කතාකරන්න පුළුවන්. ඒක ඉතින් තීරණය වෙන්නේ ඕගොල්ලන්ගේ ප්‍රතිචාර මත තමා, මොකද මගේ මහන්සියට ඕගොල්ලන්ගේ අනුග්‍රහය කොහොමද කියලත් බලන්න ඕනනේ..

-:අන්තර්ජාලය ඇසුරෙනි...

🔰 කතෘ අයිතිය : Electronic පන්තිය
තවත් ඔබට වැදගත් ලිපියකින් නැවත හමුවෙමු.
එතෙක් ඔබට සුභ දවසක්..!
Electronic ලෝකයේ🌏 දැනුම බෙදාගන්න එන්න අපත් සමග එකතුවෙන්න.!!❤
මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා චෝදනා, සහ අඩුපාඩු comment හරහා යොමු කරන්න අමතක කරන්න එපා.

Post a Comment

18 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.
  1. ඉතාම අගනා ලිපියක්. ඔබගේ දැනුමද තව තවත් වැඩිදියුනු වේවා

    ReplyDelete
    Replies
    1. @Mahesh Chanchala
      ප්‍රතිචාරයක් දක්වා මාව දිරිගැන්වුවාට ස්තූතියි..!

      Delete
  2. ලොවෙත්,ජය වේවා
    ප්‍රචාරණයක් හැකි පමනින් ලබා දීමට කටයුතු කරන්නම්.
    පංතියකට හපං ....... ;)

    දැනෙන්ඩ ලියලා තියනවා .
    ජය වේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචෝ Comment එකට ඕගොල්ලෝ වගේ අයගේ දිරිමත් කිරීම් නිසා තමා අපිට ඉදිරියටම යන්න පුළුවන් වෙන්නේ. දිගටම අප සමඟ රැදෙන්න..

      Delete
  3. බොහෝම වටිනා ලිපියක් 😊😊 අකුණුවලින් ප්‍රවේශම් වෙන ආකාරය ගැන ලිපියක් දෙන්න..👐😁

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් ඉදිරියේදි ඒගැනත් පෝස්ට් එකක් දාන්නම්

      Delete
  4. Supiri bro...
    Godak dewal igenagaththa...

    Thawath me wage interisting dewal post karanna...

    Jaya!

    ReplyDelete
  5. Itha wadagath lipiyak.obata bohoma sthuthi...

    ReplyDelete
  6. ThAnk. You.
    Good. Luck.
    You. Are very. Clever ✌️

    ReplyDelete
  7. godak watinawa sahodaraya..fb page ekak and youtube eketh mewa danna.gdluck

    ReplyDelete
Join the conversation(18)