ඉලෙක්ට්‍රොනික් හා ඉලෙක්ට්‍රිකල් කියන්නේ මොකක්ද? (Electronic & Electrical)

5

කොහොමද ඉතින් කට්ටියට...!


පහුගිය ටිකේ අළුත් Post එකක් දාන්නත් බැරිවුනානේ. මොකද කලින් දවස් ටිකේ ටිකක් වැඩ වැඩිවුනා. ඊටත් වඩා කම්මැලිකම තමා ලොකුම හේතුව, හරි හරි වැඩි කතානැතුව අද පාඩමට එකතුවෙමුකෝ...
ඉතින් අද ලිපියෙන් මං කතාකරන්න බලාපොරොත්තුවෙන්නේ, විදුලිය බෙදෙන ප්‍රධාන තාක්ෂණික ප්‍රභේද 2ක වන, ඉලෙක්ට්‍රිකල්(Electrical) හා ඉලෙක්ට්‍රෝනික්(Electronic) පිළිබදව ඔබට යම් අවබෝධයක් ලබාදීමටයි. මුලින්ම අපි ඉලෙක්ට්‍රිකල් ගැන කතාකරමුකෝ..


 විදුලි තාක්ෂණය (Electrical technology) 


"ඉලෙක්ට්‍රිකල්" (Electrical) කියලා කියන්නේ, අපි විදුලිය ඍජුවම වෙනත් ප්‍රයෝජනවත් ඵලයක්, නැතිනම් ශක්තියක් බවට හරවා භාවිතාකරන අවස්ථාවලටයි.
ඉතින් මේවිදියට විදුලිය ඍජුවම වෙනත් ශක්තියක් බවට හරවන අවස්ථාවලට උදාහරණ කිහිපයක් මං පහතින් දක්වන්නම්,
1)විදුලිය අපිට ඍජුවම ආලෝක ශක්තිය බවට හරවන්න පුළුවන්, ඒසදහා අපට උපකාරිවෙන්නේ "විදුලි බල්බයයි."
2)විදුලිය අපිට ඍජුවම යාන්ත්‍රික ශක්තිය බවට හරවන්න පුළුවන්, ඒසදහා අපට උපකාරීවෙන්නේ "විදුලි මෝටරයයි."

3)විදුලිය අපිට ඍජුවම තාප ශක්තිය බවට හරවන්න පුළුවන්, ඒසදහා අපට උපකාරීවෙන්නේ "තාපන දඟරයයි."

ඉතින් මේවිදියට විදුලිය ඍජුවම වෙනත් ශක්ති ප්‍රභේදයක් නැතිනම් ප්‍රයෝජනයක් ඇති වෙනත් ඵලයක් බවට හරවා එය එදිනෙදා යෙදීම්වලට යොදාගන්නා තාක්ෂණයට අපි "විදුලි තාක්ෂණය" (Electrical Technology) යන නාමය භාවිතා කරන්නවා..
එවගේම මේවිදියට විදුලිය ඍජුවම වෙනත් ශක්තියක් බවට හෝ ප්‍රයෝජනවත් ඵලයක් බවට හරවන උපාංගවලට අපි "විදුලි උපාංග"
(Electrical Device) යන නම භාවිතාකරනවා.
උදා:- ස්විචය,විදුලි මෝටරය,විදුලි බල්බය, තාපන දඟරය,....


තවද මෙම විදුලි උපාංග රාශියක් හෝ කිහිපයක් භාවිතාකර අප විසින් සාදන පරිපථ අපි, "විදුලි පරිපථ"(Electrical Circuit) යන නමින් හදුන්වනු ලබනවා.

මෙම පරිපථ බොහෝ විට සරල ස්වභාවයක් ගනුලබන අතර, ඍජුවම නිශ්චිත කාර්යයක් හෝ කාර්යයන් කිහිපයක් කිරීමට මෙම පරිපථ යොදාගනු ලබනවා. එවගේම විදුලි පරිපථ බොහෝ අවස්ථාවලදි සරල ධාරාවෙන්(DC) හෝ ප්‍රත්‍යාවර්ථ ධාරාවෙන්(AC) ක්‍රියාත්මක වෙනවා.

අප නිවෙස්වල විදුලි රැහැන් ඇදීමත් එක්තරා විදියක විදුලි පරිපථයක්ද වෙනවා. ඒනිසා අප නිවසේ ඇති විදුලියෙන් ක්‍රියාකරන ඍජු ප්‍රතිඵල ලබාගත හැකි උපකරණ අපි "විදුලි උපකරණ"(Electrical Equipment) ලෙසින් හදුන්වනු ලබනවා..
උදා:- හීටරය,ශීතකරණය,විදුලි බුබුල,විදුලි උදුන,.....
එවගේම මෙම ඉලෙක්ට්‍රිකල් (Electrical) සම්බන්ධව ගවේෂණය කරන හා ඒ සම්බන්ධව නිගමනයන් ඉදිරිපත් කරන ක්ෂේත්‍රය 
"විදුලි ඉංජිනේරු විද්‍යාව"  (Electrical Engineering)ලෙසින් හදුන්වනු ලබනවා.

එවගේම මෙය කොටස් 3කින් සමන්විතද වෙනවා.. එනම්,

1)විදුලිය නිෂ්පාදනය
2)විදුලිය බෙදහැරීම
3)විදුලිය භාවිතය හා යොදාගැනීම යනාදිය වේ...


 ඉලෙක්ට්‍රෝනික් තාක්ෂණය (Electronic Technology) 


"ඉලෙක්ට්‍රෝනික්" (Electronic)කියන්නේ විදුලි තාක්ෂණයේම දියුණු අවස්ථාවකටයි. මෙහිදි සිදුවෙන්නේ විදුලිය වක්‍රාකාරව ප්‍රයෝජනවත් වැඩවලට යොදාගැනීමකුයි.
මෙහිදි විදුලිය විද්‍යුත් සංඟඳා බවට හරවා එමගින් අපට අවශ්‍ය  කාර්යයන් ඉටුකරගැනීම සිදුකරගනු ලබනවා.

එහිදී ප්‍රධාන වශයෙන් විද්‍යුත් සංඟඳා වර්ග 2ක් භාවිතා වෙනවා. එනම්,

            {මේ පිළිබදව ඉදිරීයෙදී සාකච්ඦා කෙරේ...}

ඉතින් මේවිදියට විදුලිය විද්‍යුත් සංඟඳා බවට හරවා එය අපට අවශ්‍ය 
පරිදි පාලනය කර, එමගින් යම් බුද්ධිමත් කාර්යයක් ඉටුකරගන්නා තාක්ෂණයට අපි "ඉලෙක්ට්‍රෝනික් තාක්ෂණය" 
(Electronic Technology) කියලා කියනවා

ඒවගේම මේවිදියට විදුලිය විද්‍යුත් සංඟඳා බවට හැරවීමට හා එම සංඟඳා හැසිරවීමට භාවිතාකරන උපාංගවලට අපි "ඉලෙක්ට්‍රොනික උපාංග" (Electronic Device)යන නාමය භාවිතා කරනවා.
උදා:-ට්‍රාන්සිස්ටරය,ඩයෝඩය,කැපෑසිටරය,IC,....


තවද එක් ඉලෙක්ට්‍රෝනික් උපාංගයක් හෝ උපාංග රාශියක් භාවිතාකර අප විසින් සාදන පරිපථ, අපි"ඉලෙක්ට්‍රෝනි‍ක පරිපථ" 
(Electronic Circuit) ලෙසින් හදුන්වනු ලබනවා..
මෙම පරිපථ බොහෝවිට සංකීර්ණ වන අතර, බුද්ධිමත් හා  තර්කාණුකූල ස්වරූපයක් ගනු ලබනවා. එවගේම ඉලෙක්ට්‍රෝනික  පරිපථ ක්‍රියාත්මකවීමට අනිවාර්යෙන්ම සරල ධාරාවක්(DC) 
අවශ්‍ය වෙනවා..

ඉලෙක්ට්‍රෝනික පරිපථ භාවිතාකර සකස්කරන උපකරණ බුද්ධිමත් හා තර්කාණුකූල කාර්යයන් සිදුකරනු ලබනවා. එවැනි තර්කාණුකූල බුද්ධිමත් උපකරණ අපි "ඉලෙක්ට්‍රෝනික් උපකරණ" 
(Electronic Equipment)නමින් හදුන්වනු ලබනවා..
උදා:- පරිගණකය, ජංගම දුරකථනය, ඩිජිටල් උපාංග,...


එවගේම මෙම ඉලෙක්ට්‍රෝනික් (Electronic) සම්බන්ධව ගවේෂණය කරන හා ඒපිළිබදව නිගමනයන් ඉදිරිපත් කරන ක්ෂේත්‍රය "ඉලෙක්ට්‍රෝනික ඉංජිනේරු විද්‍යාව" 
(Electronic Engineering) ලෙසින් හදුන්වනු ලබනවා. එවගේම අද වනවිට වේගයෙන් පුළුල් ලෙස ව්‍යාප්ත වෙමින් පවතින ක්ෂේත්‍රයක් ලෙසද මෙය හැදින්විය හැක..

අන්තර්ජාලය ඇසුරෙනි..
🔰 කතෘ අයිතිය : Electronic පන්තිය
තවත් ඔබට වැදගත් ලිපියකින් නැවත හමුවෙමු.
එතෙක් ඔබට සුභ දවසක්..!
Electronic ලෝකයේ🌏 දැනුම බෙදාගන්න එන්න අපත් සමග එකතුවෙන්න.!!❤
මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා චෝදනා, සහ අඩුපාඩු comment හරහා යොමු කරන්න අමතක කරන්න එපා.

Post a Comment

5 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.
Join the conversation(5)