SMD හා PTH උපාංග යනු මොනවාදැයි දැනගනිමු. - SMD & PTH COMPONENTS

4

කොහොමද යාළුවනේ..!

ටික කාලෙකට පස්සේ ඔන්න අදත් අළුත් Post එකක් දාන්න මතක්වුනා. ඉතින් අද ලිපියෙන් මං කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ, ඉලෙක්ට්‍රොනික උපාංගයන් නිෂ්පාදනය කරන ප්‍රධාන ආකාර 2ක පිළිබදව හැදින්වීමටයි. 
ඒවාතමයි, SMD උපාංග හා PTH උපාංග කියලා කියන්නේ. මුලින්ම අපි PTH උපාංග ගැන කතාකරමුකෝ..

PTH (Pin Through - Hole) 

PTH (Pin Through - Hole)
PTH කියන්නේ "Pin Through - Hole" යන නාමයට යොදන කෙටි වදනකුයි. මෙයටම  HT (Hole - Throght) යන වදනත් භාවිතාකරනවා.
මෙයින් අදහස් වෙන්නේ "සිදුරක් හරහා යෙදීමට හැකි පරිදි  අග්‍ර සහිත උපාංගයන් පිළිබදවයි." ඕගොල්ලෝ දැකලා තියෙන ගොඩක් ඉලෙක්ට්‍රොනික් උපාංගවල පහත රූපයේ ආකාරයට දිගු අග්‍ර (Pin) සහිතව ඇති නිපදවලා තියෙනවා දැකලා ඇති..
දිගු අග්‍ර සහිත ඉලෙක්ට්‍රොනික උපාංගයන්
දිගු අග්‍ර සහිත ඉලෙක්ට්‍රොනික උපාංගයන්
එවැනි දිගු අග්‍ර සහිත ඉලෙක්ට්‍රොනික උපාංගයන් හදුන්වන කෙටි නාමයක් තමා මේ "PTH" කියලා කියන්නේ. 
එවගේම මේ PTH උපාංගයන් ආශ්‍රිත තාක්ෂණය අපි "THT" (Through Hole Technology) කියලා හදුන්වනවා.

THT" (Through Hole Technology)
මෙය තරමක් පැරණි තාක්ෂණයක්, නමුත් අදටත් මෙම ක්‍රමය භාවිතා වෙනවා. මෙම PTH උපාංගවල ඇති දිගු අග්‍ර (Pin) පරිපථ පුවරුවට ඇතුළුකරන්නේ එක් පැත්තකින් වන අතර, පෑස්සීම් කටයුතු සිදුකරන්නේ පරිපථ පුවරුවේ අනෙක් පැත්තෙන් වේ.

මේනිසා උපාංගයන් පරිපථ පුවරුවට සම්බන්ධ කිරීමට, පුවරුවේ සිදුරු (Hole) ඇතිකල යුතුය. ඉන්පසු තමා ඒ හරහා (Through) උපාංගවල අග්‍ර ඇතුළුකලයුතු වන්නේ. ඒනිසයි මෙයට Through - Hole (TH) යන නාමය යෙදී ඇත්තේ..

Soldering Iron
Soldering Iron
ඉතින් මෙම PTH ආකාරයේ උපාංගයන් පරිපථ පුවරුවට සවිකිරීමට අප යොදාගනු ලබන්නේ "Soldering Iron" නැතිනම්, සාමාන්‍ය ව්‍යවහාරයේදි කියන "බවුතය" නම් උපකරණයයි.
එමගින් අපට පහසුවෙන් මෙම PTH ආකාරයේ  උපාංගයන් පරිපථ පුවරුවට සම්බන්ධ කරගැනීමට හැකියාව ලැබෙනවා..

හොදයි එහෙනම් මෙච්ච්ර වෙලා PTH උපාංග ගැන කතාකලානේ, දැන් අපි SMD උපාංග කියන්නේ මොනවද කියලා දැනගනිමු..

SMD (Surface Mount Device) 

SMD (Surface Mount Device)
SMD යන්නෙන් අදහස් වෙන්නේ "Surface Mount Device"යන්නයි.  මෙයින් අදහස් වෙන්නේ, "මතුපිට සවිකල හැකි උපාංගයන් පිළිබදවයි."  

මවුපුවරු (Mother Board)
ඕගොල්ලෝ දැකලා ඇති මවුපුවරු (Mother Board) වැනි සංකීර්ණ විද්‍යුත් පරිපථ වල ඉතා කුඩා ඉලෙක්ට්‍රෝනික උපාංගයන් සවිකර තිබෙනවා. එවැනි කුඩා ඉලෙක්ට්‍රොනික උපාංගයන් පොදුවේ හදුන්වන නමක් තමා SMD කියලා කියන්නේ.

එවගේම මෙම SMD උපාංගයන් ආශ්‍රිත තාක්ෂණය අපි "SMT" (Surface Mount Technology) ලෙසින් හදුන්වනු ලබනවාමෙය THT තාක්ෂණයට පසු පැමිණි නව තාක්ෂණික ක්‍රමවේදයකි.

මෙහිදි PTH උපාංගයන් වල මෙන් දිගු අග්‍ර (Pin) පිහිටා නොමැති අතර, ඒවෙනුවට ඇත්තේ "පෑඩ්" (Pad) ලෙසින් හදුන්වන කුඩා සන්නායක තැටි කොටස් වේ. එමනිසා මෙම උපාංග පරිපථ පුවරුවට සවිකිරීමේදී පරිපථ පුවරුව සිදුරු කිරීමට අවශ්‍යතාවයක් ඇතිනොවේ.

එමනිසා මෙම උපාංගයන් පරිපථ පුවරුවට සවිකරන්නේ එක් පැත්තකින් පමණයි. එවගේම පෑස්සීම් කටයුතු සිදුකරන්නේද එම උපාංගය සවිකරන ලද පැත්තේම වේ.

එමනිසා අපට පරිපථ සකස්කිරීමේදි, පරිපථ පුවරුවේ දෙපසම පරිපථය සකස්කිරීම සදහා භාවිතා කලහැකිවේ. තවද මෙම උපාංගයන් ඉතා කුඩා නිසා, කුඩා ඉඩක් තුල අවශ්‍ය පරිපථය සකස්කරගැනීමට අපට හැකියාව ලැබේ.

තවද PTH ආකාරයෙන් පවතින ට්‍රාන්සිස්ටර්,රෙසිස්ටර්,කැපෑසිටර් වැනි සෑම ඉලෙක්ට්‍රොනික උපාංගයක්ම පාහේ, මෙවැනි SMD ආකාරයෙනුත් නිෂ්පාදනය කරන බවත් මතකතබාගන්න.

"Hot Air Gun"
ඉතින් මෙම SMD ආකාරයේ ඉලෙක්ට්‍රොනික උපාංගයන් පරිපථ පුවරුවලට සවිකර ගැනීම සදහා අප විශේෂ උපකරණයක් භාවිතාකරනවා. එය "Hot Air Gun" ලෙසින් හදුන්වනු ලබනවා. සාමාන්‍ය භාවිතයේදි මෙය "හොට් ගන්" (Hot Gun) ලෙසින්ද ව්‍යවහාර වේ.
මෙහිදි සාමාන්‍ය බවුතයේදි මෙන් රත්වන කූරක් (bit / බිට් එක) නොමැති අතර, ඒවෙනුවට ඇත්තේ රත්වූ වායු දහරාවක් නිකුත්කරන "නොසලයකි" (Nozzle). එමගින් අපට මෙම SMD ආකාරයේ උපාංගයන් පරිපථ පුවරුවට සම්බන්ධ කරගැනීමට හැකිවේ..

SMD හා PTH උපාංගයන්ගේ ඇති වෙනස්කම් 

SMD හා PTH
SMD vs PTH
  • PTH  උපාංගයන් සාමාන්‍යයෙන් ප්‍රමාණයෙන් විශාල වන අතර, SMD උපාංගයන් ඊට සාපේක්ෂව ප්‍රමාණයෙන් කුඩාවේ.
  • PTH උපාංගයන්වල කූරු/අග්‍ර (Pin) ඇතුළුකරන්නේ පරිපථ පුවරුවේ එක් පසකින් වන අතර, පෑස්සීම් කටයුතු සිදුකරන්නේ පරිපථ පුවරුවේ අනෙක් පැත්තේ වේ. එම නිසා පරිපථ පුවරුව සිදුරු කිරීමටද සිදුවේ. නමුත් SMD උපාංගයන්වල කූරු (Pin) නොමැති බැවින් පරිපථ පුවරුව සිදුරු කිරීමට අවශ්‍ය නොවන අතර, උපාංගය සවිකිරීම සිදුවන්නේ එක් පැත්තක පමණි.
  • PTH උපාංගයන්වල කූරු හෝ අග්‍ර(Pin) පිහිටන අතර,SMD උපාංගයන්වල ඇත්තේ "පෑඩ්" (Pad) නම් සන්නායක තැටි වේ.
  • PTH උපාංගයන් වලට විශාල ධාරා ප්‍රමාණයන් හැසිරවිය හැකි අතර, SMD ආකාරයේ උපාංගයන්ට හැසිරවිය හැක්කේ කුඩා ධාරා ප්‍රමාණයන් පමණයි. එමනිසා විශාල ධාරාවක් පාලනය කිරීමට සිදුවන පරිපථවල PTH උපාංගයන් භාවිතවීම සිදුවේ..

කතෘ අයිතිය Electronic පන්තිය සතුවේ.


තවත් ඔබට වැදගත් ලිපියකින් නැවත හමුවෙමු.
එතෙක් ඔබට සුභ දවසක්..!

Electronic ලෝකයේ🌏 දැනුම බෙදාගන්න එන්න අපත් සමග එකතුවෙන්න.!!❤

මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා චෝදනා, සහ අඩුපාඩු comment හරහා යොමු කරන්න අමතක කරන්න එපා.

Post a Comment

4 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.
  1. Go ahead my dear Friend. You doing very valuable thing for us. Thanks lot of for this.

    ReplyDelete
  2. very very good ,,you are great ,I appreciate your effort ,,thanks bro,,go ahead ,,

    ReplyDelete
  3. නියමයි.ස්තුතිය

    ReplyDelete
Join the conversation(4)