මං ගැන... (About Us)


කොහොමද යාළුවනේ..!

මං ගැන කියනවනම්,  බ්ලොග්කරණයට ආධුනිකයෙක් වෙච්ච මං නම් තාම ඉලෙක්ට්‍රෝනික් ගැන මහලොකුවට දන්න වැඩ්ඩෙක් නම් නෙමෙයි. ඒවුනත් මං දන්න කියනදේ අනිත් අයට කියාදෙන්න මගේ ලොකු ආසාවක් තියෙනවා, මොකද එතකොට මගෙත් දැනුම වර්ධනය වෙනවනේ...

ඉතින් මං ගැන කියනවනම් මගෙ නම 'බුද්ධික ඉසුරු සමරසිංහ', දැනට මම ඉංජිනේරු තාක්ෂණවේදය හදාරන, 13 වසරේ උසස් පෙල ශිෂ්‍යයෙක්. ඉතින් මට එදිනෙදා ජීවිතයේදි හම්බවෙච්ච ගොඩක් දෙනාට ඉලෙක්ට්‍රොනික් ගැන එච්චර දැනීමක් නෑ, නැත්නම් ආසාවක් නෑ. එවගේම ඉලෙක්ට්‍රොනික් වලට ආසවක් තියෙන උනන්දුවක් තියෙන සමහර කට්ටියත් පුරුදු වෙලා තියෙන්නේ කොහෙන් හරි PCB Circuit Board එකක් හොයාගෙන ඒක හදන්න. ඒත් ඒකේ මොකක් හරි ප්‍රශ්නයක් හරි, ඒකට තමන්ගේ කියලා කියලා වෙනසක් කරන්න හරි ඕනේ වුනොත් ගොඩක් අයට ඒක තේරෙන්නේ නෑ. 
මොකද ඉලෙක්ට්‍රොනික් දන්නවා වුනාව ඒකේ Basic දේවල් දන්නේ නැති නිසා. මම වුනත් ඒවා එච්චරම නම් දන්නේ. 
ඒත් මේ විදියට මේ දේවල් ගැන ගොඩක් දෙනෙක් නොදැන ඉන්න හේතුව තමා, මේවා ගොඩක් වෙලාවට තියෙන්නේ English භාෂාවෙන්. ඉතින් අපි ගොඩක්  දෙනෙක්ට හොදටම English බෑනේ. (මටත් එහෙමම තමා) අනෙක් හේතුව තමා සිංහලෙන් ඉලෙක්ට්‍රෝනික් ගැන ලියවෙන පොත්පත් ප්‍රමාණය අඩුයි. ඉතින් ඒක නිසා මේ දැනුම එකිනෙකා අතර හරියාකාරව බෙදි යන්නේ නෑ.

නමුත් මීට වසර කීපයකට පෙර ඉලෙක්ට්‍රෝනික් තාක්ෂණය කියාදෙන්න වටිනා  සිංහල වෙබ්/බ්ලොග් Site කිහිපයක්ම ආරම්භ වුනා. නමුත් කාලයත් සමඟ ඒ සෑම Site එකක්ම පාහේ Update වීම (‍යාවත්කාලීන වීම) නැවතුනා...

ඉතින් ඔන්න ඔය දේවල් වලට විසදුමක් විදියට තමා මම "Electronic පන්තිය" කියලා බ්ලොග් Site එකක් පටන්ගත්තේ. ඒත් මට ස්ථීරවම කියන්න බෑ මේ site එකත් කොච්චර කාලයක් පවතීද කියන එක ගැන. නමුත් මම මගේ උපරිමයෙන් මේ බ්ලොග් එක කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඒකට ඕගොල්ලන්ගේ සහයෝගය ලැබෙනවනම් ඒක ගොඩක් වටිනවා.

මේ බ්ලොග් එකත් අනිත් Site වගේ හැමදාම Update කරන්න පුළුවන් නම් මමත් කැමතියි. ඒත් කියන්න කණගාටුයි මට එහෙම කරන්න විදියක් නෑ. උපරිම වශයෙන් සතියකට සැරයක් තමා Post එකක් දාන්න පුළුවන්, ඒකත් සෙනසුරාද ඉරිදා වගේ තමා...



 තව වැදගත් දෙයක් කියන්න ඕනේ, මොකද මං මේ බ්ලොග් එකෙන් මුලින්ම ඉලෙක්ට්‍රෝනික් වල විදුලිය ආශ්‍රිත Basic දේවල් තමා කියල දෙන්න හිතන් ඉන්නේ. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝනික් උපාංග වල මූලික දේවල් කියලා දීලා ඉවරවුනාට පස්සේ තමා මූලික විද්‍යුත් පරිපථ වල ඉදන් මං දන්න සංකීර්ණම පරිපථ ගැන කියලා දෙන්නේ. ඉතින් ඔහේ එකපාරටම Circuit එකක් ගැන කියලා දෙනවට වඩා මෙහෙම මුල ඉදන් කියා දෙන්න තමා මගේ අදහස තියෙන්නේ.

ඉතින් ඒ අදහසට ඕගොල්ලන්ගේ ප්‍රතිචාරය කොහොම වෙයිද කියලා නම් මං දන්නේ නෑ, කොහොමත් එකදවසින් ලෝකයක් අල්ලන්න බෑ......

     ඕගොල්ලන්ගේ ප්‍රතිචාරයකුත් දැක්වුවානම්..!


මීට 'Electronic පන්තිය'
බ්ලොග් අඩවියේ Admin
:-බුද්ධික ඉසුරු


Post a Comment

9 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.
  1. බොහොම හොඳ වැඩක්... ඉගෙන ගන්න කෙනෙකු වශයෙන් අනෙක් අයටත් දේවල් කියල දෙන එකෙන් තමන්ටත් ඉන් වාසි ලැබෙනවා... හැකි තරම් දිගටම කර ගෙන යන්න. සුභ පතනවා...

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට ස්තූතියි සර්...

      Delete
  2. Digatama blog eka liyanna ayya....thorathuru hoyaganna godak amarui....

    ReplyDelete
  3. ඇත්තටම මම ඔයාට සුභපතනවා දිගටම මෙී වැඩෙී කරන්න සුපිරි වැඩක් ජය වෙීවා

    ReplyDelete
  4. දිගටම කරගෙන යන්න සහෝදරයා..

    ReplyDelete
  5. දිගටම කරගෙන යන්න

    ReplyDelete
  6. ගොඩක් හොඳ වැඩක් ඔබට සුබ අනාගතයක්

    ReplyDelete
Join the conversation(9)